ඔබේ මංගල සාරිය තේරීමේදී මේ කරුණු ගැනත් සැළකිලිමත් වන්න …

විවාහය කියන්නේ සෑම තරුණියකගේම ලස්සනම හීනයක් නේ. ඉතින් ඒ දවසට ඔබ අඳින පළඳින විදිය අනුව දවස විශේෂ වෙනවා. අපිට ආවාට ගියාට මංගල ඇඳුම තෝරන්න බැහැ. හොඳට හිතලා බලලා තමන්ට ගැළපෙන විදියට තමයි මංගල ඇඳුම තෝරාගත යුත්තේ.ඒ වගේම සාරියට යන වියදම තමන්ට දරාගත හැකිද කියලා හිතලා බලන්න ඕන. මනාළිය අනිවාර්යෙන්ම සිය මංගල දිනයට ඉතාමත් වටිනා මිළෙන් අධික සාරියක් තෝරාගත යුතුය කියලා නියමයක් නැහැ.