මංගල ඡායාරූප (wedding photo) ගැනීමේදී මේ ගැනත් සැළකිළිමත් වෙමුද ??

Spread the love

මංගල දිනය එක දවසකට හෝ දෙකකට සීමා වුනාට ජීවිත කාලය පුරාම ළඟ තියන දෙයක් තමයි ඇල්බම් එක. විවාහයෙන් පසුව ඉතිරිවන සුන්දරම මතකයක් වන මංගල ඡායාරූපය (wedding photo) සඳහටම ඔබේ ළඟ තියෙන්න ඕන.  ඒකට ඉතින් හිතට ගැළපෙන ඡායාරූපයක් ලබා ගන්න නම් එම ක්ෂේත්‍රය සම්බන්ධව ප්‍රාමාණික දැනුමක් තියන ඡායාරූප ශිල්පීන් යොදා ගත යුතුයි. 

ඒ සඳහා මෙවැනි උපක්‍රම භාවිතා කරන්න..

මුලින්ම හොඳ ඡායාරූප ශිල්පියෙක් තෝරා ගන්න

විවාහය කියන්නේ ජීවිතයේ ලොකුම හීනයක් තමයි. ඒ හීනේ රාමුවකට ගන්න හොඳම කෙනා තෝරා ගන්න නම් ඔබට තියනවා ටිකක් කරන්න. අන්තර්ජාලය ෆේස්බුක් පීරලා හරි යාළුවන්ගෙන් නෑදෑයින්ගෙන් අහලා බලලා හරි ඔබට පුළුවන් ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙක්ව පරික්ෂා කරලා බලන්න. ඔවුන්ගේ අදහස් සතුටුදායක නම් ඔවුන් මීට පෙර කරලා තියන දේවල් ගැන කිරලා මැනලා ඔබට පුළුවන් හිතට හරියන ඡායාරූප ශිල්පියෙක් තෝරා ගන්න.

සුහඳව කථා කරන්න

විවාහයට කලින් කිහිපවතාවක් ඔබේ ඡායාරූප ශිල්පියා මුණගැසිලා ඔබේ අවශ්‍යතාවය ඔහුට කියන්න. සුහඳව කථා බහ කරන්න. ඔබේ අදහස ඔහුට කියනවා වගේම ඔහුගේ අදහස්ද විමසන්න. ඔහු කාලාන්තරයක් තිස්සේ එකම කාර්යයයේ නිරත වෙන නිසා සමහරවිට ඔබේ හිතේ තියනවාට වඩා ලස්සන අදහසක් ඔහුගේ හිතේ ඔබ වෙනුවෙන් ඇති.  ඒ නිසා නම්‍යශීලීව ඔහු සමඟ කතා බහ කරන්න. ඒ නිසා ඔබට ඇතිවන ඕනෑම ප්‍රශ්ණයක් විසදාගන්න පුළුවන්. 

ඡායාරූප ශිල්පියා ගැනත් සිතන්න

ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන් පුමාණයන් තියනවා. ඡායාරූප ශිල්පියා කියන්නෙත් මනුෂ්‍යෙයක්. ඒ නිසා ඡායාරූප ශිල්පියා සමඟ ගණුදෙණු කිරීමේදී ඔහුගේ තරමට වැඩ දෙන්න සිතාගන්න. ඔහුව අධික ලෙස වෙහෙසට පත් කිරීම එහෙමත් නැතිනම් ඔබේ සියළුම අවශ්‍යතාවයන් සීමාවක් නොමැතිව ඔහුගෙන් ඉටු කරගන්නට යාමෙන් මතක තියාගන්න සමහරවිට ඔබට හොඳට මංගල ඡායාරූපය මඟ හැරෙනවා විය හැකිය.

සැකසුම- බිමායා ජයතුංග


Spread the love

Comments

  • No comments yet.
  • Add a comment