මංගල දිනයට පෙර රූපලාවන්‍ය ශීල්පියා සමඟ හිස කෙස් විලාසිතාවන් පිළිබඳව එකඟතාවයකට පැමිණිය යුත්තේ ඇයි ??

Spread the love

ඔබේ සිතේ ඇති අදහස් හා ආශාවන් ගැන ඔබ රූපලාවන්‍ය ශිල්පියාට හෙළි කළ යුතුයි. විවාහ වන්නේ රූපලාවන්‍ය ශිල්පියා නොව ඔබ නිසාය. මේ නිසා ඔබ ප්‍රිය කරන හිස කෙස් විලාසිතාවන් ගැන ඔහුව දැනුවත් කරන්න. ඔබට ගැළපෙනම හිස කෙස් විලාසිතාව තෝරා ගැනීම සඳහා ඔහුව දැනුවත් කරන්න. විශේෂයෙන්ම අන්තර්ජාලය හා සඟරා හරහා අලුත්ම මනාළී හිසකෙස් විලාසිතාවන් ගැන අධ්‍යනය කරන්න. සියළු වගකීම් රූපලාවන්‍ය ශිල්පියා වෙත පවරා බලා සිටින්න එපා.

ඔබේ මංගල දිනය පරිපූර්ණ කර ගැනීමට නම් ඔබත් මේ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. එමෙන්ම ඔබ රූපලාවන්‍ය ශිල්පියෙකු තෝරා ගැනීමේදී ඔහු හෝ ඇය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා ගන්න. සමහර රූපලාවන්‍ය ශිල්පීන්ට අවශ්‍යය ඔබ සමඟ කථා නොකරම තමාට අවශ්‍යය විලාසිතාව පමණක් කිරීම වෙන්න පුළුවන්. නමුත් එවැනි අය සමඟ ගණුදෙනු කිරීම අපහසුයි. හොඳ රූපලාවන්‍ය ශිල්පියෙකු ඔබේ කැමැත්තට සහ ප්‍රියතාවයන්ට මූලිකත්වය ලබා දිය යුතුයි. 

සැකසුම – කසුනී බිමායා ජයතුංග

https://wiwaha.com/what-is-wiwaha-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%ba-%e0%b6%ba%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a%e2%80%8c%e0%b6%af/

Spread the love

Comments

  • No comments yet.
  • Add a comment