• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      arrow_drop_down
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      arrow_drop_down
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    ආදරණීය විවාහයකට ඔබ අනුගමනය කළ යුතු රහස්........

    • Share
    • Bookmark
    • April 18, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    විවාහයෙන් පස්සේ උදා වන මධු සමය කියන්නේ සෑම යුවලකගේම ජීවිතයේ හීනයක් වගේ සුන්දර කාලයක්. මුලින්ම ප්‍රීතියෙන් ඉහවහා ඉන්න දෙන්නා කාලයත් එක්ක තරමක් ඈතට යනවා. මෙන්න මේ ඇලි මැරුණු කම ජීවිතයට එක් කරන්නේ පුදුම තරමේ දුකක් කණගාටුවක්. එහෙම නොවී හැමදාම මුලදී වගේ සන්තෝෂයෙන් ඉන්න කැමනි නම් තරුණ අඹු සැමියෝ මේ පුරුදු ටික හොඳට මතක තියා ගන්න ඕන.

    දෙදෙනාට දෙදෙනා ආදරේ  බව මුමුණන්න

    නිතරම පැමිණිලි ප්‍රශ්ණ වෙනුවට ඔබේ සහකරුට හෝ සහකාරියට ඇති ආදරය ප්‍රකාශ කරන්න නිතරම වගේ මතක තියාගන්න. ඔබේ සැමියා හා බිරිඳ කියන්නේ මේ ලෝකයේ ඔබට වඩාත්ම වැදගත් පුද්ගලයා වෙන්න ඕන.ආදරය ප්‍රකාශ කරනවා කියන්නේ අගය කිරීමක් වෙන්න ඕන. එයින් ඔවුන්ව තවත් යහපත් වෙන්න පොළොඹවනවා. රාත්‍රී නින්දට පෙර ආහාර ගැනීමට පෙර උදේ ගෙදරින් යද්දී හෝ දුරකථන ඇමතුම තියද්දී හැකි හැම විටහම ඔහුට හෝ ඇයට ආදරේ බව පවසන්න.

    නිරන්තරව සිපගන්න   

    ඔහු උදේ දත් මදිමින් ඉන්නවා වෙන්න පුළුවන්. ඇය ගේ අතුගාමින් ඉන්නවා වෙන්න පුළුවන්. නිතරම පසු පසින් ගිහින් එකිනෙකාට පොඩි සිප ගැනීමක් කරන එක ජීවිතේට ලං කර ගත්තොත් කොච්චර හොඳද? දරුවන් ඉපදුණහම ගොඩක් දෙමාපියෝ එකිනෙකා ස්පර්ෂ කර ගන්නේ රාත්‍රියට නිදන කාමරයේදී විතරයි. මේක ඇත්තටම වැරැදි පුරුද්දක්.. දෙමාපියෝ විවෘතව එනිනෙකාට ආදරය කරද්දී දරුවන් ඉගෙන ගන්නවා තමන් ලොකු වුණාම කොපමණ ආදරයකින් ජීවත්විය යුතුද කියලා. කොතරම් වගකීමක් තිබුණත් කොතරම් වයසට ගියත් ඔහු හෝ ඇය පොඩි දරුවෙක් වගේ ඔබේ ආදරය හුරතලය කායික මිහිර ප්‍රාර්ථනා කරනවා. ඒක හැම මොහොතකම අලුත් දෙයක් බවට පත් කර ගන්න.

    පොඩි SMS එකක්

    දවසේ වැඩ අතරේ ඔහු හා ඇය සමඟ මානසික සම්බකන්ඹය තියා ගන්න. ඒ සඳහා හොඳම විදිය තමයි sms එකක් කියන්නේ. නිකන් ඔහු හොඳින්ද බලන්න ඇය කාලද බලන්න වෙලාවක් යන්නේ නැහැ. නමුත් එකිනෙකා ගැන උනන්දු වීම කියන්නේ දිගු කාලීන සතුටට හේතුවක්..

    උනන්දුවෙන් ඇහුම්කම් දෙන්න

    එකිනෙකාට ඇහුම්කම් දීම කියන්නේ ගොඩක් හොඳ පුරුද්දක්. මනුස්සයෙක් තමන්ගේ ආදරනීයන්ගෙන් බලාපොරෙත්තු වන දෙයක් තමයි මේ දේ. දෙදෙනෙතුගේ සම්බන්ධතාවයක් වැඩි දියුණු වෙන්නට හොදින් ඇහුම්කම් දීම ඉතාම හොඳ දෙයක්. හැම දවසකම දරුවෝ නින්දට ගිය පසුව පරිගණක ටී.වී එක්ක ඉන්න එක නවත්තලා සාලේ සෙටියට ගිහින් පැය භාගයක් විතර කථාවට වැටෙන්න. දෙන්ගේම දේවල් දෙන්නම අහන්න. ඔබ කාන්තාවක් නම් ප්‍රෙව්ශම්වෙන්න සැමියාට අප්‍රසන්න පැමිණිලි වලින් ඔහුගේ කන් දෙක පුරවන්නේ නැතිව සංවාදයක් විදියට පවත්වාගෙන යන්න. මේ වෙලාවේ එක් කෙනෙක් කිවීම සහ එක් කෙනෙක් ඇසීම නොවේ. දෙදෙනාම කථා කිරීම සහ ඇසීම මනාව පවත්වාගන්න ඔබ වගබලා ගත යුතුයි.

    දෙදෙනාම එකට ආගම ඇදහීම

    ඔබේ ආගම කුමක් වුවත් දවසට වරක් දෙදෙනා එකතු වී සුළු වේලාවක් ආගම අදහන්න. ඒක පවුලක් ලෙස ඔබේ බැදීම තවත් ශක්තිමත් කරාවි.

    ඔහුටම ඇයටම විශේෂ හුරතල් නමක්

    නමේ කොටසක් ඔබ පාවිච්චි කරන ආකාරයටම සකසා ගන්න. ඇයගේ නම මනෝරි නම් මනෝ කියලා කියන්න පුළුවන්. නැතිනම් වෙන හුරතල් වචනයක් ඔබ ට ඇය වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. එවිට ඔබ දන්නවා මුළු ලෝකෙන්ම ඔබට ඒ නම කියන්නේ ඔබලේ ආදරණීය ස්වාමිපුරුශයා කියලා.. මෙන්න මේ විදියට කෙසේ හෝ ඔහුගේ ආදරය ලබා ගන්න කටයුතු කරන්න පුළුවන්.. එය හරිම පුද්ගලිකයි. සුන්දරයි මිහිරියි ඒ වගේම ඔබ අතර තියන බැදීම ශක්කිමත් වෙනවා.

    අත් දෙක අල්ලා ගෙන සිටීම

    ප්‍රසිද්ධියේ විතරක් නෙවෙයි ගෙදර නිකන් ඉදිද්දී රූපවාහිනිය බලද්දී හැකි සෑම විටම එකිනෙකා අත්වැල් බැඳගෙන ඉන්න.. එතකොට හරිම ආදරනීයයි.

     

    Advertisement
    Published By
    Wiwaha

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    Amy’s Beauty Edge

    0778889665
    • Hair and Beauty

    Sri Lanka Wedding Car Hire

    0773021739
    • Transport
    Info
    100/15,
    Robert Gunawardana Rd,
    Colombo 06
    +94719988298
    hello@wiwaha.com

    © Powered by Wiwaha

    Cart

      • Featured
      • Hair and Beauty
      • Photographers
      • Florists and Decorators
      • Cards and Boxes
      • Cake And Desserts
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link