• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      arrow_drop_down
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      arrow_drop_down
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    පැරණි සිංහල චාරිත්‍ර වලට අනුව ඔබේ wedding එක plan කරන්නේ කෙසේද?

    • Share
    • Bookmark
    • April 18, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    විවාහය කියන අකුරු හතරට විවිධාකාර අරුත් ලබා දෙන්න පුළුවන්. උඩරට හෙළ කුල සිරිතට සැරසෙන මනාලියකගේ හිස පළදින තැල්ලට අනුව මාර්ග දෙකක ගිය දෙදෙනෙකු ඉර හද පවතින තුර එක මගක යන්නට නෑසිය පිරිවර ඉදිරියේ ගිවිසා ගැනීම විවාහයි. තුන් තැල්ල නොයෙක් විලාසිතාවන්ගෙන් ආවත් නිවැරදී සහ සම්ප්‍රදායික තුන් තැල්ලෙන් කියවෙන්නේ එවෙනි අරුතක්.  අද පැහැදිලි කරලා දෙන්න යන්නේ සිංහල ක්‍රමයෙන් ගිලිහිලා යන අපේ සිංහල මංගල චාරිත්‍ර ගැන. සම්ප්‍රදාය රැකගෙන විවාහය සුදානම් කරන්න ඉන්න අයට මෙම විශේෂාංගය ඉතා වැදගත් වේවි. මේ ලිපියේ එන පොරුෙව් චාරිත්‍ර ක්‍රම පළාතෙන් පලාත අනුව වෙනස් වෙන්න පුළුවන්. ඇතැම් පළාත් වල සිදු කරන පිළිවෙත් හාත්පසින්ම වෙනස් අවස්ථා දැකගන්න පුළුවන්.

    01. පොරොන්දම් බැලිම

    අද කාලයේ පොරොන්දම් ගැලපුනත් නැතත් ආදරය කරන දෙන්නෙක් කේසේ  හෝ කේන්දර ගලපාගෙන විවාහය කරනවා. ප්‍රේම විවාහයක් හෝ වේවා යෝජිත විවාහයක් හෝ වේවා නියම සිරිත මංගල්‍යට පෙර පොරොන්දම් බලන එක. පොරොන්දම් වලින් කෙරෙන්නේ දෙන්නගේ හදහන් වල ග්‍රහයන්ෙග්  ගැලපීම බැලීමයි. මෙහිදී ගැලපීම ප්‍රතිශතයක් විදියට තමයි බලන්නේ. පොරොන්දම් කියන වචනෙය් තේරුම ” පෙර උන් දම් ” එහෙමත් නැතිනම් විවාහ වන දෙදෙනා පෙර ආත්ම බව වල මොන ආකාරයේ සබදතාවයක් තිබුන දෙදෙනෙක්ද කියලා බලන එක තමයි පොරොන්දම් බැලීම තුලින් කරන්නේ.

    02. නැකැත් බැලීම

    දැ න්  කාලයේ නම් චාරිත්‍රනුකුලව නැකැත් බලන්නේ නැහැ. වෙඩින් එක දවසට කලින් දා තමයි  නැකැත් පත්‍රය බලන්නේ. සම්පදායානුකලව නම් පොරොන්දම් ගැලපීම සිදු කරාට පස්සේ මංගල්‍යට නැකැත් බැලීම මනාල පාර්ශවයෙන් සිදු කරන දෙයක්. නැකැත් පත්‍රය මනමාලියගේ නිවසට ගෙනයාම කරන්නේ මනාලයාගේ මව සහ පියා විසින්.

     03. ආරාධනා කිරිම.

    නැකැත් පත්‍රය බැලුවට පස්සේ පළමු නැකතට අනුව පවුලේ වැඩිහිටියන්ට  බුලත් දීල මංගල්‍යට ආරාධනා කිරිම තමා සම්පදායානුකුල චාරිත්‍රය. සුදු රෙදි කඩකින් ආවරණය කරපු බුලත් හෙප්පුවක් මේ ආරාධනාවට අරන් යන්න ඕන. ඒ නිවසින් මගුල් උත්සවයට සහභාගී වන පිරිස අනුව බුලත් කොළ ආරාදිතයා විසින් ඉවත් කර ගන්නවා. චාරිත්‍රය අනුව පළමු ආරාධනා ලබන්න පුංචි සංග්‍රහයකුත් සුදානම් කරනවා.ඇතැම්  විට ආශිර්වාදයක් ලෙස හෝ ත්‍යාගයක් ලබා දීම සිදු කරනවා. තම තමන්ගේ යාලු මිත්‍රයන්ට වෙඩින් කාඩ් දුන්නත් ලගම ඤතින්ට ආරාධනා කරන්නේ බුලත් දීලා. ඒ තමයි නියම මංගල උත්සවයක දැකිය හැකි චාරිත්‍ර වල වෙනස.

    පිරිත් කිම, කැවිලි සැදීම, මනාලයා සහ මනාලිය නිවසින් පිටත් විම, පෝරුවේ චාරිත්‍ර, දෙපා දෙවිම,යනාදී වශයෙන් චාරිත්‍ර ගණනාවක් යනවා. ඒවා එකින් එක විස්තර ඉදිරියට මේ පේජ් එක තුලින් බලාපොරොත්තු වන්න.

    සැ කසුම- බිමායා  ජයතුංග

    Advertisement
    Published By
    Wiwaha

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    Amy’s Beauty Edge

    0778889665
    • Hair and Beauty

    Sri Lanka Wedding Car Hire

    0773021739
    • Transport
    Info
    100/15,
    Robert Gunawardana Rd,
    Colombo 06
    +94719988298
    hello@wiwaha.com

    © Powered by Wiwaha

    Cart

      • Featured
      • Hair and Beauty
      • Photographers
      • Florists and Decorators
      • Cards and Boxes
      • Cake And Desserts
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link