• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    මේ අවුරුද්දේ විවාහ වෙන්න ඉන්න අයට වැදගත් වෙන කරුණු….

    • Share
    • Bookmark
    • April 18, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    දෙන්නෙක් යාළු වෙලා ගෙවල් වල අයත් කැමැති කරගෙන හොඳම මගුළක් කන්න හැමෝම කැමතියි. ඉතින් මේ වෙඩින් එකට ලෑස්ති වෙනවා කියන්නෙම හරිම අමාරු දෙයක්. සල්ලි වියදම් වනවා වගේම හරිම මහන්සි දැනෙන කාරණයක් තමයි මේ වෙඩින් කියන්නේ.

    මේ දවස්වල තියන ආර්ථිකෙත් එක්ක හැමෝටම හොඳ වෙඩින් එකක් ගන්න බැහැ. මොකද ණය වෙලා මගුල් කෑවොත් අවුරුදු ගානක් යනකම්ම ඒ ණය ගෙවන්න වෙනවා. සමහර වෙලාවට කසාද බැදපු දෙන්නෙක් අසමගි කරන්නත් මේ ණය තුලා බලපානවා.  ඒ නිසා දෙපැත්තම බේරාගෙන පොඩියට මගුලක් කන්න ට්‍රික්ස් කිහිපයක් අද අපි ඔයාලට කියලා දෙනවා.

    01. සීසනල් දවසක් තෝරා ගන්න

    කේන්දර නැකැත් එහෙම බැලුවොත් මේ වැඩේ කරගන්න ටිකක් අමාරුයි. ඒත් වෙඩින් එක ගන්න සීසනල් දවසක් තෝරාගන්න එක  සෑහෙන්න ගානක් අතේ ඉතුරු වෙන වැඩක්.

    විශේෂයෙන් අවුරුදු අගදී කොළඹින් පිට තියන හුඟක් හෝටල් වලින් ඩිස්කවුන්ට් ලැබෙනවා. ඒ නිසා මේක හනිමූන් එනට යන ගාණ අඩු කරගන්න නියම චාන්ස් එකක්.

    02. හැමෝටම හරියන විදියේ ලොකේෂන් එකක් තෝරා ගන්න

    දිනයක් දැන ගත්තට පස්සේ අපි හොද හෝටලයක් හොයාගන්න ඕන. දකින පළමුවැනි හෝටලේම වෙඩින් එක ගන්න එපා. හොඳ තැන් හොයලා බලන්න. සතියක් දෙකක් අරගෙන පොඩ්ඩක් වටේ  පිටේ කැරකිලා පවුල් දෙකටම එන්න ලේසි තැනක් විදියක් තෝරා ගන්න. අනික් කාරණාව තමයි ෆොටෝ වලටත් ගැළපෙන සුවිශේෂ පසුබිමක් තියන හෝටලයක් තෝරා ගන්න.

    ඔය ගොඩාක් වෙඩින්වල හෝල්වල වෙඩින් පැකේජ තියනවා. මංගල උත්සවයේ සේරම වැඩ බලාකියාගන්න පොරොන්දුව පිට හදපු පැකේජ වුණත් මේවට අයවන්නේ සෑහෙන්න ලොකු ගානක්. අඩු ගාණට තියන වෙඩින් පැකේජ තිබුණත් ඒවායේ දෙන්නේ ප්ලේට් එක විතරයි. පෝරුවේ ඉදන් ඉතුරු සේරම අපි ගෙන්න ගන්න ඕන.  මෙන්න මේ කාරණා ගැනත් අවධානය යොමු කරලා තමන්ට ගැළපෙන විදියේ හෝටලයක් වෙඩින් හෝල් එකක් බුක් කරගන්න පුළුවන් නම් තමයි හොඳ. තමන් ඇතුළු පිරිස Dress කරගන්න තැනේ ඉදලා හොටෙල් එකට තියන දුර වගේ දේවලුත් මෙතැනදී සලකා බලන්න ඕන.

    03. පොඩි ගෙස්ට් ලිස්ට් එකක් හදාගන්න

    ලංකාවේ වෙඩින් එකක් ගන්න ගියාම ගෙස්ට් ලිස්ට් එක හදන එක තරම් අමාරු තවත් වැඩක් නැති තරම්. මගුල ඔයාගේ උණාට ඉන්නේ අම්මාගේ තාත්තාගේ යාළුවොයි හරියට නෑකමවත් ගළපගන්න බැරි ජීවිතේට දැකලා නැති නෑදෑයෝ ටිකකුයි. ගෙස්ට් ලිස්ට් එක දික්වෙන්න දික්වෙන්න සාක්කුවේ සල්ලි ටික බලාගෙන ඉද්දී හිදෙනවා. ඔන්න ඕකට උපක්‍රමයක් දාගන්න පුළුවන් නම් සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුළුවන්.

    නෑයෝ වේවා, යාළු හිත මිත්‍රාදීන් වේවා, තමන්ගේ මේ විශේෂ දවසේ ළගින්ම ඉන්න ඕනා කියලා හිතන උදවියට අනිවාර්යෙන්ම මේ ලැයිස්තුවේ මුල්තැන ලැබෙන්න ඕන. දුරින් සම්බන්ධතා තියාගෙන ඉන්න අයට නම් පවුල් පිටින් එන්න නොකිව්වත් ප්‍රශ්ණයක් නැහැ. ඒ පවුල්වල ප්‍රධානියෝ දෙන්නා ආවත් ඇති. ඒ නිසා හැමෝටම වෙඩින් එක නොකිව්වා කියලා ප්‍රශ්ණයක් නැහැ.

    04. තමන්ම ආරාධනා පත්‍ර හදාගත්තා නම්

    ගෙස්ට් ලිස්ට් එක හදාගත්තට පස්සේ ඊලගට තියෙන්නේ ආරාධනා පත්‍ර ටික බෙදන්න යන එක. දැන් කාලේ නානාප්‍රකාර අරුමෝසම් ආරාධනා පත්‍ර හැමෝම හදනවා.  ඒකයි කියලා මේ කාර්ඩ් එකකට ලොකු ගානක් වියදම් කරන එක අලි බොරුවක්. මොකද ඒ යන සල්ලි ටික වෙඩින් එකේ වෙන දේකට පාවිච්චි කරන්න පුළුවන් නේ.

    මේ වැඩේට හරියටම හරියන්නේ කොටුවේ මැලිබන් වීදිය. ලාබෙට වෙඩින් කාඩ් ගන්න පුළුවන් වගේම අඩු ගාණකට ඒවා ප්‍රින්ට් කරගන්න පුළුවන් තැන් මේ වීදියේ තියනවා. වෙඩින් කාඩ් එකේ ඩිසයින් එක ඔයාටම හදාගන්න පුළුවන් නම් තවත් ලාභයි. ගෙදර ඉන්න අයගේ උදව් අරගෙන පොඩි මෝස්තරයකට සීක්වින් ටිකක්, රිබන් පටි කෑල්ලක්, පබළු ඇටයක්, අලවාගන්න එක තමයි තියෙන්නේ.

    ඒකත් එක්ක ගැළපෙන විදියට කේක් පෙටිටිවලටත් මෝස්තරේ දැනගත්තා නම් තවත් ගාණක් ඉතිරි වෙනවා.

    මගුලක් කාලා ලංකාවේ කට්ටියක් ලෝක වාර්තාවකුත් තිබ්බා ඔයාලට මතක ඇති. 2013 අවුරුද්දේ වුණු මේ මංගල්‍යට දෙවන මනමාලියොම 126ක් හිටියා. ඉතින් ගිනස් පොතට යන්න බලාපොරොත්තුවක් නැතැත් ලක්ෂ ගනන් කට්ටිය මේකට ඕන නැහැ. මේකට තෝරා ගන්න ඕනේ තමන්ට ඉතාමත් විශ්වාස වන්ත අය. එහෙම නැතිව කාගෙන්වත් වදෙන් බේරෙන්න නෙවෙයි. නැතිනම් කාගෙන්වත් වදෙන් බේරෙන්න බැරි කමට හෝ කවුරුවක් තරහ වෙයි, කියන බයට වෙඩින් ගන්න ලෑස්ති වෙන්න එපා. එහෙම වු‍ණොත් අමාරුවේ වැටෙනවා.

    මොකද,  දෙවන මනාල මනාලියන් විතරක් නොවයි. මල් කුමර කුමරියන් දාන කරාබුවේ ඉදන් ටයි පටියේ ඉදන් හැම පුංචි දේටම වියදම් කරන්න වෙනවා. දෙවන මනාලියෝ වේවා මල් කුමාරියෝ වේවා මේ හැම ජාතියෙන්ම එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් හිටියාම හොඳටම ඇති නේද.

    තවත් මේ වගේ වැදගත් වන කරුණු කිහිපයකින් ඊළඟ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා .  අනිත් අයටත් දැනගන්න මේ Post එක Share කරන්න ඔයාලට පුළුවන්..

    සැ කසුම- බිමායා  ජයතුංග

    Advertisement

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    DREAM Luxury Wedding Cars

    +94765480392
    • Transport

    Luxury Wedding Car For Hire

    • Luxury wedding cars to make your day mesmerized with the lowest rates..

      OUR PACKAGES..
      30km 4hr = RS.4500
      40km 5hr = RS.5500
      60km 7hr = RS.7500
      80km 10hr = RS. 9500
      100km 14hr = RS.12500

      At an economical price decorations can be arrange as your wish.

      Special rate for wedding and home coming both.

      Special discount for long distance trips.

      Driven by years of experienced and professional drivers.

      Package starts only from your door step with no delays.

      No Hidden charges.

    Start Date
    2024-02-01 00:00:00
    • Transport
    • +2
    Info
    100/15,
    Robert Gunawardana Rd,
    Colombo 06
    +94719988298
    hello@wiwaha.com

    © Powered by Bee48

    Cart

      • Featured
      • Hair and Beauty
      • Photographers
      • Florists and Decorators
      • Cards and Boxes
      • Cake And Desserts
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link