• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    විවාහය (marriage) යනු කුමක්‌ද?

    • Share
    • Bookmark
    • April 18, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    විවාහය (marriage) විශ්වීය සමාජ සංස්ථා අතරින් එකකි. මිනිසාගේ ලිංගික (sex) ජීවිතය පාලනය කිරීමටත්, එය විධිමත්ව සකස් කරගැනීමටත් මානව සමාජයේ  විවාහය නම් සංස්ථාව ගොඩ නැගී ඇත. පවුල (Family) නැමැති සංස්ථාව සමග විවාහය (marriage) ඉතාම කිට්ටු සබඳතාවයක් පවතී. සමාජ, සංස්කෘතික, ආගමික හා ආර්ථික පදනමක් මත විවාහය (marriage) ක්‍රියාත්මක වෙයි. එංගල්ස් දක්වන ආකාරයට මානවයාගේ  වර්ධනය අනුව ගොඩ නැගුණු ක්‍රම තුනක් දක්වා ඇත. ඒ අනුව

    1. වනචාරි මිනිසාට සමුහ විවාහත්
    2. වැදී මිනිසාට ලිහිල් විවාහත්
    3. ශිෂ්ට මිනිසාට ඒක පත්නි විවහත් දක්වා ඇත.

    එන්ගල්ස්ගේ මෙම අදහස මානව සංවර්ධන අදියරයන් අපට කියාපායි. විවාහය යනු සමාජය පිළිගත් ආකාරයට ලිංගික සබඳතා (Sex relationship) පවත්වන වැඩිහිටියන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු ලෙස සරලව දැක්විය හැකිය. විවාහය, සලකා බලන සංස්කෘතියට අදාලව චාරිත්‍ර වාරිත්‍ර වලට හා එම සමාජය පිළිගත් නෛතික රාමුවට යටත් වේ. සරල සමාජවල චාරිත්‍ර වාරිත්‍ර හා සංස්කෘතික පිළිගැනීම් වලට මුල් තැන දෙන අතර සංකීර්ණ සමාජවල නීතිමය ගිවිසුමට ප්‍රදාන තැනක්  ලබා දෙයි.

    විවාහය නිර්වචනය කිරීමේදී ඉතාම සංකීර්ණ ගැටලු වලට මුහුණ දීමට සිදු වෙයි. විවාහය යන වචනය නිර්වචනයන්  ඇසුරින් තේරුම් ගැනීම ඉතාම අපහසු වෙයි. ලිච් නැමැති සමාජ විද්‍යාඥයා පෙන්වා දෙන ආකාරයට විවාහය තුල අඩංගු  විය යුතු ලක්ෂණ කිහිපයක් මෙසේය.

    1. ගැහැණියගේ දරුවන්ට නීතිමය පියෙකු ලැබීම.
    2. පුරුෂයාගේ දරුවන්ට නීතිමය මවක් ලැබීම.
    3. ස්ත්‍රියගේ ලිංගික හිමිකාරිත්වය පුරුෂයාට ලැබීම.
    4. පුරුෂයාගේ ලිංගික හිමිකාරිත්වය ස්ත්‍රියට ලැබීම.
    5. ස්ත්‍රියගේ ගෘහස්ථ හා අනෙකුත් සේවාවන්හි අයිතිය පුරුෂයාට ලැබීම.
    6. පුරුෂයාට අයත් දේපලවල අයිතිය ස්ත්‍රියට ලැබීම.
    7. ස්ත්‍රියට අයත් දේපලවල අයිතිය පුරුෂයාට ලැබීම.
    8. විවාහයෙන් උපදින දරුවන් වෙනුවෙන් සාමුහික දේපලක් ගොඩ නැගීම.
    9. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම  ඥාතිත්ව සබඳතා ගොඩ නැගීම.

    ඉහත කරුණු අනුව සලක බලන විට පෙනී යන්නේ විවාහය යනු යම් සමාජයක් පිළිගත් ආකාරයට චාරිත්‍රානුකූලව හෝ පිළිගත් නීතියට අනුකූලව ලිංගික සබඳතා පැවැත්වීමයි. විවාහය යනු සියලුම සබඳතා දරා සිටින ආධාරකයයි.

    සැකසුම – කසුනී බිමායා ජයතුංග

    Advertisement

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    Chamath Kavishka Photography

    +94 782860334
    • Photographers

    Nilame Adum by Wasanthaye Mahagedara Nilame Kit

    Srilanka's Number 1 Quality Nilame Adum Service Provider Wasanthaye Mahagedara Nilame kit | Nilame Dress |…
      Nilame Adum by Wasanthaye Mahagedara Nilame Kit
      Info
      100/15,
      Robert Gunawardana Rd,
      Colombo 06
      +94719988298
      hello@wiwaha.com

      © Powered by Bee48

      Cart

        • Featured
        • Hair and Beauty
        • Photographers
        • Florists and Decorators
        • Cards and Boxes
        • Cake And Desserts
        • Facebook
        • Twitter
        • WhatsApp
        • Telegram
        • Pinterest
        • LinkedIn
        • Tumblr
        • VKontakte
        • Mail
        • Copy link
        • Facebook
        • Twitter
        • WhatsApp
        • Telegram
        • Pinterest
        • LinkedIn
        • Tumblr
        • VKontakte
        • Mail
        • Copy link