මානව ශිෂ්ටාචාරය සම්බන්ධ වැදගත් අධ්‍යනයන්හිදී වැදගත් තේමාවක් වූ විවාහය නම් සංස්ථාව මිනිසා පිළිබද වෘතාන්තයෙහි එක් වැදගත් සංදිස්ථානයක් සනිටුහන් කරයි.විශේෂයෙන්ම මානව සංහතිය උදෙසා අවශ්‍ය ප්‍රජාව බිහි කරන නෛතික පදනම හිමිවනුයෙද ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ සංස්ථාවට ඇතුලු විමෙන්ය. ඒ අනුව විවාහය සමස්ත සමාජයේ නීත්‍යනුකුල ක්‍රියාකාරී සංස්ථාවක් වී ඇත.
විවාහ ජීවිතය නම් ස්වාමියා හා භාර්යාව අන්‍යොන්‍ය ගෞරවය හා ප්‍රේමය පදනම් කරගෙන ගත කරන්න වූ චර්යා මාර්ගයක් වෙයි. එකී පද්ධතිය විශ්වාසය හා ආවේනික සම්ප්‍රදායන් මගින් අනාදිමත් කාලයක සිට පැවතුනි . වර්ගීය ව්‍යාප්තිය පමණක් නොව ආදරය, ආරක්ෂාව,ශික්ෂණය ආදී චෛතසික ගුණ වගාවේ අර්ත සිද්ධින් රැසක් ඉටු කරන විවාහය නම් සැබෙවින්ම සංකීර්න සංස්ථාවකි.
බොනිස්ලෝ මැලිනොස්කි වරක් පවසා ඇත්තේ ”විවාහය වූ කලී දරුවන් බිහි කිරිම හා වැඩී ම පිළිබද ගිවිසුමක් ලෙසයි. එලෙස විවාහය සම්බන්දයෙන් නිර්වචන පල වෙද්දී නූතන සමාජය ලෝකය දෙස බැලූ කල එය ස්වජාතික නැත්නම් විජාතිකද යන්න පවා නිර්ණය කල නොහෙකි තරමටම සංකීර්නත්වයට පත්ව තිබෙයි. නිති, රිති ආදිය කාලනූරූපව වෙනසකට භාජනය වුවත් විචාර බුද්ධියකින් ක්‍රියා කිරිම වැදගත් සභ්‍යත්ව ලක්ෂණයකි. මේ අනුව සම්ප්‍රදයනුකුලව හෙළ කුල සිරිතට අනුව යමින් පාවාඩ ලා ජයසක්හඩ මධ්‍යයේ පතිකුලයට පැමිණෙන සිංහල විවාහ මංගල උත්සවය අද වුව මෙනවින් දකින්නට ලැබෙයි. ඒ අනුව අපිට පැහැදිලි වන්නේ හෙළ කුල සිරිතට අනුව සිදු වන අනන්‍යතාවකි. එය නිතැතින්ම ‘සිංහල විව්හයක්” බවට දුටු දනන් ගේ නෙත් සපත කරවය.
සැ කසුම- බිමායා ජයතුංග