විවාහයකදී ඉතාම වැදගත් චාරිත්‍රයක් වන්නේ පෝරුවේ චාරිත්‍රයි. විවාහ වීමට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ විවාහ දිනය ලං වෙන විට මේ ගැන බොහෝ අවදානයෙන් කටයුතු කිරීමට පෙළඹේ. එහෙත් ඔබ විශේෂයෙන් සිතිය යුතු කරුණක් ඔබට මග ඇරීමට ඉඩ ඇත . ඒ නම් අෂ්ටක ශිල්පියා තෝරා ගැනීමයි .අෂ්ටක ශිල්පිය අවංක හදවතක් හිමි ,අන් අයට සෙත් පැතීමට බලයක් ඇති ,ශාස්තය පිළිබද මනා දැනුමක් ඇති ,දස අකුසල් නොකරන , විවාහ වී දරු මල්ලන් සිටින , උගත් සහ චතුර පුද්ගලයෙකු විය යුතුය. පැරණි කවියක අෂ්ටක ශිල්පීන්ගේ ගුණ දැක්වෙන්නේ මේ ආකාරයෙනි .
උතුම් තෙරුවන් වඳින පන්සිල් රකින ගුණදම් පුරන ඇත්තා
බැතින් ගුරුවර දෙමව්පියනට නිතර බුහුමන් කරන ඇත්තා
බතින් සතහට මෙත් ගුණෙන් යුත් සතර ශිල්පය දැන උගත්තා
උතුම් සුභ මංගලම් කීමට මෙකි අය රජ තොරගත්තා
පෝරුවේ චාරිත්‍ර කරන තැනැත්තා පෝරුවේ චාරිත්‍ර කිරීමට පැයකට වත් පෙර එම ස්ථානයට ලඟා විය යුතු අතර පෝරුවේ කටයුතු සඳහා අවශ්‍ය සියලුම දේ ඔහු විසින් ලක ලැස්ති කර ගත යුතුය.නැකත් වේලාවන් නිවැරදි ආකාරයෙන් කලමනාකරණය කර ගැනීම දක්ෂ අෂ්ටක ශිල්පියෙක්ගේ කැපීපෙනෙන ලක්ෂණයකි. ඒ වගේම මංගල චාරිත්‍ර නිවැරදි පිළිවෙලට සිදු කිරීමද අෂ්ටක ශිල්පියාගේ වගකීමකි.
එම නිසා ඔබගේ විවාහ දිනයේ වැදගත්ම අංගය සඳහා අෂ්ටක ශිල්පියා තෝරා ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත් වේ .
අනිත් අයටත් මේ කරුණු දන ගැනීමට ඔයාලට පුළුවන් මේ article එක share කරන්න.