මිනිස් ජීවිතයේ ප්‍රධාන සංධිස්ථානයන් කිහිපයක්ම තියනවා.අතීතයේ ඉදලම ගොඩක් උත්සව වලට ආවේණික වූ සිරිත් විරිත් ගණනාවක් කලින් කලට එකතු වෙලා තියෙනවා. ඒවා අපේ සම්ප්‍රදායට එකතු වෙලා තියනවා. මිනිසා කුඩා කල සිටම මිය යනතෙක්ම ඒ ඒ සංධිස්ථානයන් වලට මුහුණ දෙනු ලබයි. කුඩා දරුවෙකුගේ ඉපදීම දරුවෙකු ඉදුල් කට ගෑම වැඩිවියට පත් වීම විවාහය යන තෙක් චාරිත්‍රානුකූලව උත්සවශ්‍රීයෙන් මෙම අවස්ථාවන් සමරනු ලබයි. මෙම සංධිස්ථානයන් අතුරින් විවාහමය හිමිවෙන්නේ සුවිශේශී තැනක්. මිනිස් ජීවිතයේ සහ මිනිස් ජීවන ගමන් මඟේ ප්‍රධාන සංධිස්ථානයක් ලෙස ගමන් ගන්නේ විවාහය නැමැති සාධකයයි. විවාහයක් කියලා කියන්නේ ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකට එකතු වෙලා ඒ කියන්නේ එක වහලක් යට ඉදගෙන ගත කරන ජීවිතතයිතඒ ජීවිතයේදී දරුවන් හැදීම දරුවන් වැදීහ යුතුකම් ඉෂ්ඨ කිරීම යන ආදී කරුණු රාශියක් කරන්න තියනවා. විවාහය කියලා කියන්නේ එක්තරා කාළ පරිච්ඡේදයක්. මෙම කාල පරිච්ඡේදයේදී මෙම දෙපළ තනිකඩයන් නොවෙයි. මේ අවිනිෂ්චිත කාළය තුළදී ඒ දෙදෙනාට අවශ්‍යය ආරක්ෂාව ලබා දීම සඳහා නොයෙක් ආගමික වතාවන් සිරිත් විරිත් පැවැත්වීම සිංහල සංස්කෘතියේ ලක්ෂණයක් වශයෙන් දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම පුද්ගලයෙකුගේ ජීවිතයේ හෝ සමාජ ජීවිතයේ යම්යම් කඩයිම් තියනවා. එවැනි අවස්ථාවන් වලදී මෙම උත්සව පැවැත්වීමෙන් ප්‍රධානඅරමුණු දෙකක් ඉටු වනු ලබයි. ඉන් පළමුවැන්න තමයි ඒ අවස්ථාවට අවශ්‍ය ආරක්ෂාව ලබා දීම. ඒ අනුව එම එම අවස්ථාවට තමන් අදහන ආගමේ ආරක්ෂාව අවශ්‍ය වෙනවා. විවාහ වන දවසේ මඟුල් පෝරුවේ සිටින මනමාලයත් මනමාලියත් ඒ දෙපළටම තමන් අදහන ආගමේ රැකවරණය ලැබෙන්න ඕන. ඉතින් මේකේ දෙවැනි අරමුණ තමයි මෙම විවාහය පිළිබඳ මුළු පුවතම සමාජයට දන්වා සිටීම. එසේ දන්වා සමාජයේ අනුමැතිය ඊට ලබා ගැනීමයි. අපේ හෙළ සංස්කෘතිය අනුව විවාහය කියලා කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන දෙයක් නොවෙයි. පවුල් දෙකක් කුළ දෙකක් හෝ සමාජ කොට්ඨාසයන් දෙකක් අතර සිදුවන සම්බන්ධතාවයකි. ඒ නිසා ඒක හොර රහසේ කරගන්න සමාජය අවසර දෙන්නේ නම් නැහැ.හොර රහසේ කරගත්තා කියමුකෝ, ඒත් සමාජයේ ජීවත් වෙද්දී ඒක අපේ ප්‍රතිරූපයට විශාල වශයෙන් බලපානවා. සිංහල සමාජයේ විවාහය හදුන්වන්නේ මංගල්‍යක් ලෙසයි. විෂේෂයෙන්ම කියන්න ඕන මේ බොහෝමයක් සිරිත් විරිත් වල තියෙන්නේ මනාළ යුවල ආරක්ෂා කර ගැනීමටත් ඔවුන්ට ආශීර්වාද කිරීමටත් තමයි. පැරණි සිංහල සමාජයේ නීතියෙන් විවාහ සිදු නොවූ කාළයේ විවාහයේ සමාජ පිළිගැනීම සිදු කරනු ලබන්නේ මෙම සිරිත් විරිත් වලට අනුකූලවයි. නමුත් පැරැණි විවාහ වල නීත්‍යානුකූල බවක් හදුනාගන්න බැහැ. ඒ නීත්‍යානුකූල බව රැදී තිබෙන්නේ රජයේ ලියාපදිංචියත් සමඟයි. පසුගිය දශක කිහිපය තුළ ලෝකයේ සෑම රටකම විවාහය සම්බන්ධ වටිනාකම් චාරිත්‍ර නීති රිති ආදියේ අති විශාල වෙනසක් සිදු වෙලා තියනවා. මේකට මූලිකම හේතුව තමයි සංස්කෘතීන්තර සම්මිශ්‍රණයක් සිදු වී තිබීම. සංස්කෘතීන් මිශ්‍ර වූ විට විවිධ රටවල ආභාශය ගත් සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වෙන්න පටන් ගත්තා.ටකසේ වෙතත් නීතියෙන් විවාහයන් ලියාපදිංචි නොවූ අතීත කාලය තුළ එහි සම්මතය රැදී පැවතුනේ අභිචාර විදි පදනම් කරගෙනයි. විවාහය සම්බන්ධ චාරිත්‍ර බොහෝමයක තත්ත්වය මේ ආකාර වෙයි. ශ්‍රි ලංකාව බහු වාර්ගික රටක් බව ඔබ අප දන්නවා. ලංකාවේ ප්‍රධාන ජනවර්ගය වන්නේ සිංහල ජාතියයි. ඔවුන් සිංහල බෞද්ධ නිසා බෞද්ධ විවාහ චාරිත්‍ර අනුව විවාහයන් සිදු කරනු ලබයි. මීට අමතරව ලංකාවේ කතෝලික ආගම අදහන කොටසක්ද ඉන්නවා. ඒ අය කතෝලික චාරිත්‍ර අනුව විවාහ චාරිත්‍ර සිදු කරනු ලබයි. මුස්ලිම් ප්‍රජාව විවාහ චාරිත්‍ර ඉටු කරනු ලබන්නේ මුස්ලිම් සිරිත් විරිත් වලට අනුකූලවයි. මුලින්ම අපි බෞද්ධ විවාහ චාරිත්‍ර ගැන කථා කරනකොට හෙළ සිරිත් විරිත් පදනම් කරගෙන ඒ සිරිත් විරිත් නිර්මාණය වූ බව පැහැදිලියි. සිංහල කුල සිරිතට අනුව විවාහ මංගල්‍යන් 05 ක් පිළිබදව සඳහන් වෙලා තියනවා.
විවාහ යෝජනාවකදී නම් විවාහ යෝජනාව රැගෙන ඊට කැමැත්ත විමසීමට තරුණයාගේ දෙමාපියන් හෝ ළඟම නෑයින් අතුරින් දෙදෙනෙක් පමණක් තරුණියගේ නිවසට යයි. ඒක අපි හදුන්වන්නේ කට බහ ඇසීමේ මංගල්‍යය කියලා. මෙහිදී තරුණියගේ නිවසට යන තරුණයාගේ පාර්ශයවයේ නෑදෑයින් තෑගි බෝග ආහාර ආදිය රැගෙන යනවා. ඊට පසුව තරුණියගේ පැත්තෙන් හොඳ භෝජන සංග්‍රහයක් සූදානම් කරනු ලබයි. සතුටු සාමීචියේ යෙදී දෙපාර්ශවයම ආහාර ගනු ලබයි. ඉතින් මේක බත් කෑමේ මංගල්‍යය කියලා අතීතයේදී අපේ මුතුන් මිත්තන් හදුන්වනු ලැබුවා. ඊට පසුව මංගල්‍ය සඳහා දිනයක් තෝරා ගැනීමට කටයුතු කරනු ලබනවා. ඒ සුභ මොහොත අපි හදුන්වන්නේ සුභ සරණ මංගල්‍ය කියලා. පුරාණයේ හෙළ සිරිත් විරිත් වලට අනුව විවාහ මංගල්‍යන් 05 ක් දක්නට ලැබුණද නූතන විවාහ මංගල උත්සව වල ඉතාම සීමිත සිරිත් විරිත් පුමාණයක් දැක ගන්නට ලැබෙනවා. ඉතින් මේකට බොහෝමයක් විදේශීය රටවල සංස්කෘතීන් බලපාලා තියනවා.බෞද්ධ විවාහයකදී පවුල්වල සහකරුවා සහකාරි තෝරාගනු ලබන්නේ දෙමාපියන්විසින්. ඒක තමන්ගේ කුළ ගෝත්‍ර වලට අනුව තෝරාගනු ලබයි.නමුත් වර්තමානය වන විට එය වෙනස් වෙලා තියනවා. ගොඩක් තරුණ තරුණියන් දැන් තමන්ගේ සහකරු සහකාරිය තෝරා ගනු ලබන්නේ තමන්ට අවශ්‍ය ආකාරයටයි.තමන්ව හරියට අවබෝධ කරගත් සහකරුවෙකු හෝ සහකාරික සමඟ දිවි ගෙවීම ජීවිතය සාර්ථක කර ගැනීමට විශාල වශයෙන් බලපානවා.ප්‍රේම සම්බන්ධතාවයකින් හෝ විවාහ යෝජනාවකින් දෙදෙනෙක් ආදර සම්බන්ධතාවයක් ගොඩ නඟා ගත්තොත් ඉන් පසුව සිංහල විවාහ සිරිතට අනුව නම් මුලින්ම කරන්නේ කේන්දර බැලීමයි. පහතරට මෙන්ම උඩරටද කේන්දර බැලීම සිදු කරනු ලබයි. කේන්දර බැලීම කියලා සාමාන්‍යෙයන් කියන්නේ දෙදෙනාගේ පැවැත්ම පිළිබඳව සිදු කරනු ලබන ජීව විද්‍යාත්මක සොයා බැලීමක්. මේක කායික හා මානසික වශයෙන් කෙසේද කියලා බලනවා. උඩරට විවාහ ක්‍රමයට අනුව කේන්දර බැලීමෙන් පසුව මනමාලිය බැලීමට යනවා. මේ ගමනට වැඩියෙන් සහභාගී වන්නේ පිරිමි පුද්ගලයන්ය. නමුත් මෙයට මනමාලයා සහභාගී වන්නේ නැත. නම් දීමට දින නියම කර ගැනීමත් මේ අවස්ථාවේදී සිදු කරනු ලබයි. උඩරට සිරිතට අනුව නම් දින නියම කර ගන්නා දවස දක්වා දෙදෙනාට හමුවීමට ඉඩ ලැබෙන්නේ නැත. මෙම විවාහ මංගල උත්සවවල ඉතාම ආකර්ෂණීය මොහොත තමයි පෝරුවේ චාරිත්‍රය. ඒකෙන් අදහස් වෙන්නේ කුමර බඹසර රැකි කුමරුවෙකු හා කුමරි බඹසර රැකි කුමරියක සඳහා පමණක් මෙම පෝරුවේ චාරිත්‍ර සිදු කරනු ලබයි. පෝරුවේ චාරිත්‍රයෙන් පස්සේ පොල් තෙල් පහන දැල්වීම සංග්‍රහ කටයුතු කිරීම මංගල සභාව යන ආදී අංශයන් දක්නට ලැබෙයි. ඊට පස්සේ යුවළ මදු සමය බලා පිටත්වීම සිදු කරනු ලබයි. නමුත් දැන් කාලයේදී ගොඩක් දුරට පළවෙනි ලමන හා දෙවැනි ගමන යන දෙකම එක දිනයක ගනු ලබන ආකාරයක් දක්නට ලැබෙනවා. එය මුදල් ඉතුරු කර ගැනීමටත් පහසුව සඳහාත් සිදු කරනු ලබයි.
කතෝලික විවාහ චාරිත්‍ර ගැන කථා කිරීමේදී කතෝලික සභාවේ සක්‍රෙම්න්තුවට අනුව විවාහය කියලා කියන්නේ ආශීර්වාද බන්ධනයක්. කතෝලිකයන් අතර විවාහය සැළකෙන්නේ විශේෂිත ආගමික චාරිත්‍රයක් ලෙසයි. දේව වන්දනා ආචාර හා පූජක විවාහ මෙහි ඉතාම වැදගත් අංගයක්. දේව මෙහෙය පැවැත්වීමට සූදානම් වන අවස්ථාවේ සභාවේ මුල් අසුනේ වාඩි වෙලා ඉන්නේ නව යුවලයි. ඊට පස්සේ විවාහ පොරොන්දු දීම ආසිරි පැන් ඉසීම මුදු මාරු කිරීම සිදු කරනු ලබයි. ඊට පස්සේ දිව්‍ය බෝජනයට මනාළ යුවල කැඳවාගෙන යාම සිදු කරනු ලබයි. කතෝලික ආගමට අනුව විවාහයක් සිදු කිරීමේදී මඟුල් කපුවෙකු මාර්ගයෙන් මනාලිය හා මනාලයාගේ තතු විමසා බැලීම සිදු කරනු ලබයි. මගුල් කපුවෙක් නොමැති නම ඥාති මිත්‍රාදීන්ගේ මාර්ගයෙන් තොරතුරු විමහා බැලීම සිදු කරනු ලබයි. පල්ලියේ පැවැත්වෙන දේව මෙහෙයෙන් පස්සේ මනාලයා පමණක් එහි සිටින පිරිසක් සමග නිවසට ගොස් එහි කැඳවා සිටින කරණවැමියාට තුටු පඩුරු දී දැලි රැව්ල කප්පවා ගැනීම සිදු කරනු ලබයි. ඉන් අනතුරුව මනාලයා පල්ලියේ සිටින තම ඥාති හිත මිත්‍රාදීන්ද සමඟ මනාලියගේ නිවසට පැමිණෙයි. එහිදී මනාලියගේ දෙමාපියන් ඔහු උත්සව ආකාරයෙන් පිළිතැනීම දසදු කරනු ලබයි.ඊට පස්සේ ඔහුට දේව පිහිට ලබා දෙනු ලබයි. මේ ආකාරයට විවිධ ආගම් වල ඔවුන්ට ආවේණික ආකාරයෙන් විවාහ සිරිත් සිදු කරනු ලබයි.
Kasuni Bimaya