• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      arrow_drop_down
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      arrow_drop_down
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    විවාහයට සහකාරයෙක් තෝරාගන්න කලින් ගැහැණු ළමයෙක් සලකා බලන්න ඕන කාරණා...

    • Share
    • Bookmark
    • May 31, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    විවාහයක් කරගන්නවා කියන්නේ බොහෝම හිතලා මතලා කරන්න ඕන වැඩක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. විශේෂයෙන්ම ලංකාව වගේ ආසියාතික රටක විවාහයක් ගැන ගන්න තීරණයක් ආපහු හරවනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. මොකද ඒක මුළු ජීවිත කාළයටම බලපාන දෙයක්. අන්න ඒ නිසාම විවාහයට සහකාරයෙක් තෝරාගන්න කලින් සෑහෙන්න දේවල් හිතලා මතලා බොහෝම  පරිස්සමට තමයි ඒ තෝරාගැනීම කරන්න ඕන. ඉතින් මේ කියන්න යන්නේ විශේෂයෙන්ම ගැහැණු ළමයෙක් විවාහයට සහකාරයෙක් තෝරාගන්න කලින් සලකා බලන්න ඕන ප්‍රධානතම කාරණා මොනවද කියන එක ගැනයි.

     

    1.අදහස්

     

    විවාහය කියන්නේ ඉතින් මුළු ජීවිත කාලයක්ම තමන් එක්ක දුක සැප බෙදාගන්න කෙනෙක් ලංකරගන්නවා කියන එකනේ.එහෙම දුක සැප බෙදාගන්න නම් ඔක්කෝටම කලින් දෙන්න දෙමහල්ලොන්ගේ අදහස් ලාවට හරි ගැළපෙන්න ඕන. අන්න ඒ නිසයි මේක විවාහයක් ගැන කථා කරද්දී කාට කාටත් මුලින්ම වැදගත් වන මාතෘකාවක් වෙන්නේ. හැබැයි ඔය කොහොම කිව්වත් 100% ක් ගැළපෙන සහකාරයෙක් හොයන එක නම් හරිම අමාරු  වැඩක් තමයි. ඒක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. සම්පූර්ණ වෙනස්  වටපිටාවන් දෙකක හැදුනු දෙන්නෙක් එහෙම ගැළපෙයි කියලා ඇත්තෙන්ම බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒත් ඔය අදහස් කියන එක තරමක් දුරට හරි ගැළපෙන්න ඕන. ඒ කිව්වේ අහසට පොළොව වගේ ප්‍රතිවිරෝධී අදහස් තියන දෙන්නෙක්ට එකතුවෙලා ගමනක් යන්න අමාරුයි. ඒ නිසා සහකාරයෙකු හෝ සහකාරියක සොයන ඔබ අනිවාර්යෙන්ම අදහස් තරමක් දුරට හෝ ගැළපෙන කෙනෙක් සමඟ ආදර සම්බන්ධතාවයක් පවත්වා ගන්න කටයුතු කරන්න ඕන.

     

    2.විශ්වාසදායි බව

    විවාහ ජීවිතය විතරක්ම නෙවෙයි. ඕනම මානුශීය සම්බන්ධතාවයක මූලිකම පදනම තමයි මේ විශ්වාසය කියන දේ. වැරැදි නොකරන මිනිස්සු මේ ලෝකේ නැහැ. විශේෂයෙන්ම විශ්වාසය කියන දේ හරියට මොකද්ද කිලයා තේරුම් ගන්න ඕන. විශ්වාසය කියන්නේ අනිත් කෙනාට අබමල් රේණුවකවත් වැරැද්දක් කරනවා කියන එක නෙවෙයි. එකිනෙකාව විශ්වාස කරන්න පුළුවත් තරම් මට්ටමට තමන්ගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න එකටයි. අතපසුවීමකින් වරදක් වුණත් බය නැතුව අනිත් කෙනාට කියන්න පුළුවන් නම් එයාට තමන්ව තේරුම්ගන්න පුළුවන් නම් අන්න එතනයි හරිම විශ්වාසය කියන වචනයේ තේරුම තියෙන්නේ.

    3.රැකියාව

    සමහර අය කියන්න පුළුවන් සැබෑ ආදරේට විවාහයට මේ රැකියාව කියන කාරණේ වැදගත්කමක් නැහැ කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒ රැකියාවේ තරාතිරම ගැනම සළකා බලන්න ගියොත් ඇත්තටම පුද්ගලයෙක් කරන රැකියාව සමාජ සාරධර්ම වලට විරුද්ධ වෙන්නේ නැත්නම් ඒ කිව්වේ හොරකම් මිනීමැරුම් වගේ නරක ගණයේ ක්‍රියා කරන්නේ නැත්නම් අනිත් දේවල් ගැන තීරණ ගන්න එක වැරැදියි. හැබැයි මෙතනදී සේ සහකාරයෙක් තෝරාගන්න එන ගැනනම් කථා කරන්නේ ඒ තරාතිරම ගැන නෙවෙයි. තමන් තෝරාගන්න සහකාරයට සාමාන්‍ය මට්ටමේ හොඳ රැකියාවක් තියෙන්න ඕන. එතකොට දෙන්නටම හොද යහපත් මට්ටමෙන් ජීවත් වෙන්න පුවවන්. එහෙම නැතුව ඔහේ ලස්සනට ඇඳගෙන බයිසිකලයක් පැදගෙන පාරවල් වල රස්තියාදු වෙන සීනිබෝල පෙම්වතෙක් එක්කනම් යහපත් විවාහ ජීවිතයක් ගත කරන්න හිතන්න බැහැ. බිරිඳ රැකියාවක් කරනවා කියලා ඒ කාරණේ අදාල වෙනනේ නැහැ කිසි සේත්ම. මොකද එන්න එන්නම ජීවිතේ අමාරු වෙනවා. ජීවත් වෙන්න දෙන්නම රැකියාවල් කරත් මදි. දෙන්නගේම හීන වලට යන්න නම් අනිවාර්යෙන්ම මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා.

    4.සමාජීය පසුබිම

    සහකාරයාගේ අවට පරිසරය මොන වගේද ඒ සමාජය එක්ක එයා හුරු වෙලා ඉන්න ජීවන රටාව මො‍න වගේද කියන එකත් හුගක් දුරට වැදගත් වෙත එකක්. මොකද ආදරේ කරන මුල් කාලයේදී මේ දේවල් හරිම සල්ලනට ප්‍රශ්ණයක් නැතුව පෙනුනට පහු පහු වෙනකොට ඒවා නිසාම ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්. අපි මෙහෙම හිතමුකෝ. සහකාරයාගේ අවට පරිසරය එයාට ඉන්න යාළුවෝ අනුව එයා බොහෝම දැහැමින් සෙමෙන් ජීවත්වන ආගමට දහමට ලැදි වැඩි සමාජ ආශ්‍රයක් නැති ඉන්න යාළුනෝ ටික දෙනා වුණත් ඒ වගේම අය වෙන්න පුළුවන්. හැබැයි ඔන්න ඔයාගේ පරිසරය හාත්පසින්ම වෙනස්. බොාහා්ම සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවත්වන නිතර ඇවිදින්න යන යාළුවෝ පිරුණ ජීවිතයක් නම් ඔයා ගත කරන්නේ අර සහකාරයත් එක්ක එකට ජිවත්වන එක ඇත්තටම අමාරු දෙයක් නේද?

    තවත් කොටසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න

     

    Written By

    Kasuni Bimaya

    Advertisement

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    Amy’s Beauty Edge

    0778889665
    • Hair and Beauty

    Sri Lanka Wedding Car Hire

    0773021739
    • Transport
    Info
    100/15,
    Robert Gunawardana Rd,
    Colombo 06
    +94719988298
    hello@wiwaha.com

    © Powered by Wiwaha

    Cart

      • Featured
      • Hair and Beauty
      • Photographers
      • Florists and Decorators
      • Cards and Boxes
      • Cake And Desserts
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link
      • Facebook
      • Twitter
      • WhatsApp
      • Telegram
      • Pinterest
      • LinkedIn
      • Tumblr
      • VKontakte
      • Mail
      • Copy link