• Featured
    • Hair and Beauty
    • Photographers
    • Florists and Decorators
    • Cards and Boxes
    • Cake And Desserts
    • Home
    • Ideas
    • Blog
    • Add
      • Add a Business
      • Add an Offer
      • Add your wedding
      • Write an Article
    • Browse
      • Vendors
      • Offers
      • Real Weddings
      • Articles
    Add your business
    Sign in or Register
    Add your business

    විවාහ උත්සවයක් සඳහා අධික මුදලක් වැයවෙන්නේ මෙන්න මේ හේතු නිසයි

    • Share
    • Bookmark
    • April 25, 2020
    • Article
    • prev
    • next
    • Leave a review
    • Claim listing
    • Bookmark
    • Share
    • Report
    • prev
    • next
    Article

    විවාහය යනු ඔබේ ජීවිතයේ සුන්දරම දිනය විය හැකිය. එය දෙවැනි වෙතොත් ඒ  ඔබ මවක් වූ දිනට පමණි. මීට වසර 10 කට පෙර විවාහයක් සඳහා වැය වුණු මුදලට වඩා දෙතුන් ගුණයක් අද විවාහයකට වැය වනවා. අලුත් අංග රැසක් අද විවාහ උත්සවයකට එකතු වෙලා. විවාහයක් සඳහා යන වියදම සිහියට එන විටම විවාහය ගැන අපිට බියක් ඇතිවීම සාමාන්‍ය දෙයක්.

    සමාජ පීඩනය

    ලොකුවට විවාහ උත්සවයක් ගැනීමට හේතුවන මූලික සාධකයක් ලෙස සමාජ පීඩනය හදුන්වන්න පුළුවන්. එනම සමාජය ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ලොකුවට විවාහයක් ගැනීමයි. මේ හේතුව නිසාම අද විවාහ උත්සවයක් ගැනීමේදී එයට සහභාගීවන අමුත්තන්ට අලුත්ම අත්දැකීමක් ලබා දීම සඳහා තමයි වැඩි අවධානයක් යොමු වන්නේ. නව තාන්ෂළුයත් අද විවාහයට යොමු වෙලා. විවාහ උත්සවය අද ගොඩාක් සංකීර්ණ වෙලා. විවාහයේ අරමුණ පවා අමතක වුණු යුගයක් ලෙස අද හැඳින්විය හැකිය. ලස්සනට විවාහය ගැනීම වැරදියි කියන එක මින් අදහස් කරන්නේ නැහැ. නමුත් සීමාව ඉක්මවා කෘතීම වීම අභාවයට යාමක් ලෙස පැවැසිය යුතුයි.  මාධ්‍යයන් මීට යම් දුරකට වගකිව යුතුයි.

    සන්සන්දනය කිරීම හා අමුත්තක්ගේ බලාපොරෙත්තු

    සන්සන්දනය කිරීම අප සතුව ඇති දුර්වල කමක්. හැමෝම හිතන්නේ අපි තමයි ලොකුවටම විවාහය කරන්න ඕනේ කියලයි. කවුරුත් කාටවත්ම දෙවැනි වෙන්න කැමති නැහැ. අපි ඒ ගොල්ලන්ටත් වඩා ලොකුවට අපේ දුවගේ විවාහ මංගල උත්සවය ගන්න ඕන. “අම්මේ ඒ ගොල්ලන් ගත්ත විවාහ උත්සවයට වඩා මගේ මංගල උත්සවය ලොකුවට ගන්න ඕන”.  මේවා තමයි අද මිනිසුන් තුළ පවත්නා සංසන්දනාත්මක අදහස්.

    අනිත් අතින් ගත් කළ විවාහයකට පැමිණෙන අමුත්තන් ලවා බලාපොරොත්තු වන්නේ ලොකු දෙයක් නැතිනම් ඔවුන් එකිනෙකා කථා වෙනවා ආපෝ මේ මේ මොන විවාහයක් ද කියලා. මෙන්න මේ  පීඩනයන් අද සමාජයේ වැඩි වෙලා.

    විවාහ වියදම

    පෙර සඳහන් කළ පරිදි  මාධ්‍යත් මේ සඳහා යම් තාක් දුරකට වගකිව යුතුයි.සමහර ටෙලිවිෂන් වැඩසටහන් මගින් ඔබව පෙළඹවන්නේ විවාහය සුපිරියටම කිරීම සඳහායි. විවාහ සංවිධායකයන් විසින් විවිධාකාරයේ දේවල් හදුන්වා දෙනු ලබන ආකාරයක් අපට දැක ගන්න පුළුවන්. මේවා කිරීමට ඔවුන් ජනතාව පොළොඹවන ආකාරයක් දැක ගන්න පුළුවන්.

    විවාහ උත්සවයක් සඳහා අද වන විට ලංකාවේ කොතරම් මුදලක් වැය වේ දැයි හරියටම කිව නොහැකි තරම්. එය මිලියන ගණනාවක් පවා විය හැකිය. විවාහය ලොකුවට ගැනීමට ණය වන අවස්ථා බොහෝමයක් අපට දැක ගන්න පුළුවන්. ඒ තුළන් අමාරුවේ වැටෙන අය අපි නිරන්තරයෙන්ම දැකලා තියනවා.

    මීට ඇත්තේ බොහෝම සරළ උත්තරයක්. ඒ තමයි නෑ කියන එක. විවාහයක් සාර්ථක වීමට එයට යට කරන වියදම බලපාන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම කීවොත් විවාහය මිළ අධික නැහැ. මිනිසුන් තුල ඇති ආකල්ප තමයි මිළ අධික. සරල විවාහයක් ඔබට අති සාර්ථක විවාහයක් බවට පත් කළ හැකියි. අරුම පුදුම හා ඔබට පමණක් ආවේණික විවාහ උත්සවයක් ගැනීමටම හිතන්න එපා. සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය අලුත් දෙයක් හිතීමට දෙදෙනා සමඟ කටයුතු කරන්න. මේ නිසා සමාජයට අපිට අලුත් පණිවිඩයක් ලබා දෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කීවොත් සරළ හා සාම්ප්‍රදායික විවාහ උත්සවයක් තමයි වඩාත්ම සුන්දර. ඔබේ මංගල මුදුව දියමන්ති මුදුවක් වීම අවනිවාර්ය නෑනේ. දෙදෙනා එකතු වී සාකච්ඡා කරලා ලස්සනට මංගල උත්සවය ගන්න පුළුවන්.

    මේ සරල බව ඇතිවීම සඳහා මනාලයා හා මනමාලිය පමණක් සරල වීම ප්‍රමාණවත් නැහැ. විවාහයට සහභාගී වන අමුත්තන් විශේෂයෙන්ම සරල ලෙස සිතිය යුතුයි. විවාහ උත්සවය විවේචනය කිරීමට අමුත්තන්ට කිසිම අයිතියක් නැති තරම්.

    ඇත්ත වශයෙන්ම කීවොත් විවාහ උත්සවයක් සාර්ථක වීමට එය මිළ අධික විය යුතුය, යන මතය සමාජය විසින් ගොඩනඟා ගත් මතයක් බව මුලින්ම කිව යුතුයි. මාධ්‍ය හෝ විවාහ සංවිධායකයන්ගේ පෙළඹවීම් වලට ඔබ රැවටෙන්න එපා. ඔබ කළ යුත්තේ ඔබ සතුටට පත් වන දෙය පමණයි. අමුත්තන් සතුටට පත් කිරීමට සිතා ණය ගෙන ලොකුවට විවාහ උත්සවයන් ගන්න එපා. එහෙම වු‍ණොත් අමාරුවේ වැටෙන්නේ ඔබමයි. ඒ කිසිම අමුත්තෙක් ණය ගෙවීමට ඔබට උපකාර කරන්නේ නැහැනේ. විවාහය යනු ඔබගේ ජීවිතයේ සුන්දරම හා වැදගත්ම දිනය වෙන්න පුළුවන්. නමුත් ඒ සුන්දර බව රඳා පවතින්නේ ඔබේ මංගල ඇදුමේ මිළ හෝ මංගල මුදුවේ ඇති වටිනාකම මත නොවෙයි. විවාහයකට පැමිණෙන ඔබ කළ යුතුතේ ඔබට ආරාධනාව ලැබුණු පසුව එම උත්සවයට සහභාගී වී අලුත් යුවලට සුභ පැතීම හා ආශිර්වාද කිරීමයි.

     

    Advertisement

    You May Also Be Interested In

    Araliya Flora

    077 237 8011
    • Florists and Decorators

    Chamath Kavishka Photography

    +94 782860334
    • Photographers

    Nilame Adum by Wasanthaye Mahagedara Nilame Kit

    Srilanka's Number 1 Quality Nilame Adum Service Provider Wasanthaye Mahagedara Nilame kit | Nilame Dress |…
      Nilame Adum by Wasanthaye Mahagedara Nilame Kit
      Info
      100/15,
      Robert Gunawardana Rd,
      Colombo 06
      +94719988298
      hello@wiwaha.com

      © Powered by Bee48

      Cart

        • Featured
        • Hair and Beauty
        • Photographers
        • Florists and Decorators
        • Cards and Boxes
        • Cake And Desserts
        • Facebook
        • Twitter
        • WhatsApp
        • Telegram
        • Pinterest
        • LinkedIn
        • Tumblr
        • VKontakte
        • Mail
        • Copy link
        • Facebook
        • Twitter
        • WhatsApp
        • Telegram
        • Pinterest
        • LinkedIn
        • Tumblr
        • VKontakte
        • Mail
        • Copy link