Hotel එකක් Book කරන්න යද්දී ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් වියයුතු කරුණු

Spread the love

  • එයාලගෙ පැකේජ් බලන්න.එවයින් සුදුසු එකක් තෝරගන්න.
  • පෝරුව, සෙටිබැක්,ඩෙකරේශන්,කේක් කපන්න,කිරිබත් කපන්න පිහි,කකුල හෝදන බාජන ,වෙඩින් කාර් එයාලා දෙනවද අහන්න.දෙනවා නම් එවයි විස්තර ගන්න.
  • පෝරුව එලියෙ ගන්නවා නම් එ ගැන..
  • බ්‍රයිඩ්ට දෙන රූම් එකට අමතරව ජයමංගල ගාතා,බෙර ,නැටුම් එවාට වෙනම රූම් එකක් ගන්න පුලුවන්ද.
  • උදේට කැවිලි මේසේ කැවිලි දාන්න භාජන එයාලා දෙනවද, උදේට දෙන තේ එක එයාලා දෙනවද, අපේ බඩු වලට එයාලා හදලා දෙනවද අහන්න.
  • වෙල්කම් එක කොහොමද වෙන්නෙ – කිරිබත් හොටෙල් එකෙන් ගන්නවා නම් එයාලට කපන කිරිබත් එක හදලා දෙනවද,එක ඩෙකරේශන් අය එක්කලත් කතා කරලා බලන්න.
  • වෙල්කම් ඩ්‍රින්ක් එකට දෙන්නෙ මොනාද – එක දෙන්නෙ කොහොමද (ටේබල් එකෙ තියලා තියනවද,අමුත්තා ආවම දෙනවද)කිසිම කෙනෙක්ව මග ඇරෙන් නැති වෙන්න දෙන්න කියන්න.
  • වෙල්කම් එකයි, බුෆෙ එකයි අතර කාලයට දෙන බයිට් එක ගැන..(අවශ්‍ය ප්‍රමාන.එයාලා දන්නවා සාමන්‍යෙන් දෙන විදිය.ඊට අමතර වැඩි දෙයක් ඔනි නම් එ ගැන.)
  • බාර් එකෙ වැඩ ටික ගැන – එකෙ බයිට් වර්ග ගැන..
  • කෑම-ප්ලේට් එකෙ ගාන.එකට එන කරි වර්ග.ඩෙසර්ට් එක.
  • හවසට දෙන අයිස් කොෆි එක ගැන.
  • ලයිට් සිස්ටම් එක ගැන.
  • පුල් එකක් තියන හොටෙල් එකක් නම් එක ගන්න පුලුවන්ද.
  • හොටෙල් එකෙම ඉන්නවා නම් හනිමූන් රූම් එක ගැන.කෑම ගැන.එ පැකේජ් එක ගැන.
  • Bride අදින්නෙ එ හොටෙල් එකෙනම් සැලෝන් එකක් තියනවද නැද්ද.නැත්නම් ඩ්‍රෙසින් රූම් එකට ඔනි ලයිට් තියනවද බලන්න.
  • පුටු කවර ,ක්‍රර්ටන් ,වල පාට වෙනස් කරන්න පුලුවන්ද(ඔයාට අවශ්‍ය පාටට)සමහර අය එක කරලා දෙනවා.
  • Goinway change කරනවා නම් ඒකට කේක් ,ශැම්පේන් එහෙම තියනවා නම් එ ගැන.ඔයාට ඔනි විදිය කියන්න එ විදියට හදල තියන්න කියන්න.
  • Photo ගහන්න Location තියනවද බලන්න.

Written By :Hasitha Sewwandi


Spread the love