ළගදී විවාහ වීමට සිටින ඔබට….

Spread the love

යුවතියක් වශයෙන් ඔබ විවාහ වීමේදී බොහෝ දේවල් ගැන සිතන්න ඕන. විශේෂයෙන්ම තමාගේ රූ සපුව ගැන සිතීම මෙහිදී ඉතාම වැදගත් වෙනවා. මනාලියක් වශයෙන් එදාට ඉතාම ලස්සනට ඉන්න ඕන. ඒ සඳහා ඔබ රූපලාවන්‍ය ශිල්පියා තෝරා ගැනීමේදී ඉතාම සැළකිළිමත් වෙන්න ඕන. ඒ විදියට වැඩ කටයුතු කරගතහොත් ඔබේ මංගල දිනය සදා නොමැකෙන සුන්දර දිනයක් බවට පත් කර ගැනීමට හැකියාව තියනවා. විශේෂයෙන්ම තමාගේ ඇදුම් පැළදුම් තෝරා ගැනීමේදී සුවිශේෂී සැළකිල්ලක් දක්වන්න ඕන. ඒ අනුව ඉතාම නිර්මාණශීලී ඇඳුමක් තෝරා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ඔබට ලබා දෙන අදහස් අතුරින් හොඳම අදහස තෝරා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම සැම විටම මතක තබා ගත යුතු දෙයක් තියනවා. ඒ තමයි අධික වියදමක් දරන්නේ නැතිව සුන්දර විවාහ මංගල උත්සවයක් සැළසුම් කර ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම ඔබේ මංගල උත්සවය සඳහා මල් සැරසිලි කිරීමේදී fresh flowers වැනි දේවල් ඉතා අවම ලෙස භාවිතා කරන්න. fresh flowers වලින් කෙරෙන මල් සැරසිලි සඳහා අධික වියදමක් දැරීමට සිදු වෙනවා. නමුත් මංගල උත්සවය අවසන් වෙනවාත් සමඟම එම මල් ඉවත් කිරීමට සිදු වෙනවා. ඔබ හොඳින් සිතා බැලුවහොත් fresh flowers  සඳහා දරණ එම අධික පිරිවැය නාස්තියක් බව ඔබට සිතේවි. එමෙන්ම විමසිලිමත්ම බැලුවහොත් නැවුම් මල් වෙනුවට සැරසිලි සඳහා භාවිත කළ හැකි අඩු වියදමකින් සකස් කර ගැනීමට පුළුවන් බොහෝ විකල්ප තියන බව ඔබට පෙනේවි. 

විශේෂයෙන්ම ඔබගේ යහළුවන් ඔබගේ මංගල උත්සවයට උදව් කරන්න ආශාවෙන් ඉන්නවා. ඒ නිසා සුවිශේෂී දක්ෂතා තියන අයට විශේෂයෙන්ම ආරාධනා කරන්න ඕන. ගයන්න හැකියාව තියන මිතුරන් කේක් සෑදීමට හැකියාව තියන මිතුරන් නිර්මාණශිලි කලා කුසලතා සහිත මිතුරන් ඔබට සිටිය හැකිය. ඔබගේ විවාහ උත්සවය සඳහා ඔබට ලබා දීමට අපේක්ශිත ත්‍යාග වෙනුවට ඔවුන්ගේ එම හැකියාවන්ගෙන් ඔබට කළ හැකි සහාය මංගල උත්සවයේ කටයුතු සඳහා ලබා දෙන මෙන් ඉල්ලන්න. cake සෑදීමට දන්නා මිතුරාගේ සහාය wedding cake නිවසේදීම සාදා ගැනීමට ලබා ගන්න ඔබට පුළුවන්. එමෙන්ම කලා කුසලතා සහිත මිතුරන්ගේ සහාය wedding invitation එක නිර්මාණය කිරීමට සහ wedding hall එකේ අලංකරණ කටයුතු සඳහා ලබා ගන්නත් ඔබට පුළුවන්. 

ඒ වගේම විනෝසයෙන් පිරි මුදල් හා කාළය ඉතිරිවන මධු සමයක් සැළසුම් කරන්න. 

බොහෝ දෙනෙක් සිතන්නේ සුන්දර විනෝදජනක ආදරණීය මධු සමයක් සඳහා සුපිරි hotel එකක් අනවශ්‍ය බවයි. ඒ නිසාම ඔවුන් වෙහෙසකර දිගු ගමනාන්තයක් සහිත අධික මුදලක් වැය වන හෝටලයක් තම මධු සමය සඳහා තෝරා ගැනීමට වැය කරයි. නමත් බොහෝ දෙනෙක් එසේ සිතුවත් වෙනස් ආකාරයට සැළසුම් කළහොත් ඔබ සතුව ඇති මුදලට සුන්දර විනෝදජනක ආදරණීය මධු සමයක් ඔබට සැළසුම් කරගත හැකියිත විනෝදජනක ආදරනීය මධුසමයක් සඳහා අවශ්‍යය වන්නේ ආදරණීය දෙහදක් සහ නිදහස් මනසක් බව ඔබ තේරුම් කර ගත යුතුම දෙයකි. ඒ සඳහා ඔබට ප්‍රවාහනය පහසු ළඟ හෝටලයක් තෝරාගත යුතුය. එවිට ඔබට ඇගට දැනෙන අපහසුව මඟ හරවා ගත හැකිය. ඒ වගේම සුපිරි හෝටලයක් සඳහා වැය වන මුදල අවම කර ගත හැකිය. ඒ වගේම දිගු ගමනාන්තය නිසා ඇතිවන වෙහෙසකින් තොරව තිසහසේ ආදරණීය කාළයක් ඔස්සේ සහකරු සමඟ ගත කිරීමට හැනියාවක් ලැබෙනු ඇත. 

ඉතින් ළඟදීම සුන්දර මනමාළියක් වීමට සූදානම් වන ඔබේ විවාහ මංගල උත්සවය අනවශ්‍යය වියදමන් නොමැතිව සුන්දර ලෙස සැළසුම් කර ගැනීමට මෙම කරුණු ඔබට ඉතාම වැදගත් වේවි. අනිත් අයටත් දැනගන්න මේ Post එක Share කරන්න ඔයාලට පුළුවන්..


Spread the love

Comments

  • Comments are closed.