අඩු මුදලකින් සුන්දර විවාහ මංගල උත්සවයක් [Low Budget Weddings] ගන්නේ මෙහෙමයි…

Spread the love

ලස්සන විවාහ මංගල උත්සවයක් කියන්නේ සෑම යුවතියක් තුළම තිබෙන සිහිනයක්. නමුත් පෙරුම් පුරන් බලන් ඉන්න ආකාරයට ජයටම විවාහ මංගල උත්සවය සමරනවා කියන්නේ වරතමානයේදී නම් ටිකක් අමාරු දෙයක්. බොහෝ දෙනෙක් අවුරුදු ගානක් තමන්ගේ අනාගතය වෙනුවෙන් ඉතුරු   කරපු සියළු මුදල් විතරක් නෙවෙයි ගන්න පුළුවන් හැම loan එකක්ම අරන් තමයි wedding එක ගන්නේ. ආදරෙන් සතුටින් නිදහසේ නව ජීවිතය ඇරඹිය යුතු වුවත් wedding එක වෙනුවෙන් ගන්න ණය බරත් එක්ක ජීවිතයේ පටන් ගන්න බොහෝ දෙනෙක් විවාහයෙන් පසුව මුහුණ දෙන්නේ විශාල ආර්ථික ගැටළු වලටයි. එය ඔබ සතුටින් අරඹන නව විවාහ ජීවිතයට බාධාවක් වන්නත් පුළුවන්. නමුත් අපි smart  විදියට හිතුවොත් අනාගතේට බරක් කර නොගෙන අඩු මුදලකින්(Low Budget) ඔබ සිහින මැවූ මංගල සිහිනය සැබෑ කරගන්න පුළුවන්.  ඒ සඳහා ඔබට වැදගත් වන කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන එන්න අප සූදානම්. 

ඔබේ සමීපතමයින්ට පමණක් මංගල උත්සවය සඳහා ආරාධනා කරන්න..

විවාහ උත්සවයක් සැළසුම් කරද්දී තියන විශාලම අභියෝගයක් තමයි ආරාධිතයන්ගේ සැලැස්මක් හදා ගන්න ඕන. කාගෙවත් හිත නොරිදෙන ආකාරයට සියල්ලන්ටම ආරාධනා කළ යුතුයි කියලා ඔබට සිතේවි.  ඒ අනුව විවාහ උත්සවයට ආරාධනා කරන්න බොහෝ පිරිසක් මතකයට පැමිණේවි. නමුත් ඔබ මේ අවස්ථාවේදී කල්පනාකාරී විය යුතුයි. ඔබේ ජීවිතයට සමීපතම නැදෑයින් හා මිතුරන් පමණක් තෝරා ගන්න. මංගල උත්සවයට සීමිත පිරිසක් සහභාගී කර ගනිමින් සරළව සමරන බව මිතුරන්ට වටහා දෙන්න. ඔවුන් ඔබව වටහා ගනීවි. අවස්ථානුකූලව විවාහයෙන් පසුව ඔබේ රැකියා ස්ථානයේ මිතුරන්ට හා හිතවතුන්ට යම් සංග්‍රහයක් කරන්න ඔබ සැළසුම් කරොත් මිතුරන්ගේ හිත් අමනාප කර නොගනිමින් ඔබේ මංගල දිනය අඩු වියදමින් සැළසුම් කරගන්න පුළුවන්.

සැළසුම් කරන්න සැළසුම් කරන්න හැකිතාක් සැළසුම් කරන්න.

ඔබේ මංගල උත්සවයට හැකිතාක් කල් ඇතිව සියළු දේ සැළසුම් කරන්න. සියළු දේ පිළිබඳව නැවත නැවත සිතමින් වඩාත් සුදුසුම දේ තෝරා ගැනීම තුළින් ඔබට අවශ්‍ය දේ ඔබේ අතේ ඇති මුදලට අනුව ලබා ගැනීමට ඔබට හැකිවේවි. ඒ වගේම මෙහිදී සිදුවන අපහසුතා වලින් මිදීමට ඔබ නිතරම සිහි තබා ගන්න. 


මංගල උත්සවය සැළසුම් කිරීම සඳහා පවුලේ සියළු දෙනාගේත් හිත මිතුරන්ගේත් සහාය ලබා ගන්න.

මංගල උත්සවය සැළසුම් කරන්න wedding planerකෙනෙක්ට භාර දීම දැන් අවශ්‍යතාවයට වඩා විලාසිතාවක් වෙලා තියනවා. නමුත් ඔබට අවශ්‍ය වන්නේ ලස්සන විවාහ මංගල උත්සවයක් නම් ඒ සඳහා ගැළපෙන නිර්මාණශීලී නව අදහස් ඔබ වටා සිටින ඔබේ සමීපතමයන් තුළ ඕන තරම් ඇති. අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වටිනා අදහස් පමණයි.

සැකසුම- බිමායා ජයතුංග


Spread the love

Comments

  • No comments yet.
  • Add a comment