ලගඳි විවාහ වෙන ඔබට උත්සව සඳහා රජයෙන් පැනවූ අලුත් නීති…

Spread the love

UPDATE: 24/12/2020

නව කොරෝනා ව්‍යාප්තියත් සමග සෞඛ්‍ය අංශ විවාහ උත්සව සදහා වූ නීති රීති සංශෝදනය කර තිබෙන අතර ඒ අනුව උත්සව ශාලාවේ ආසන ධාරිතාවෙන් 50%ක් පිරිස හෝ උපරිම 150 යන දෙකෙන් අඩු සංඛ්‍යාවකට මංගල උත්සවය සදහා සහභාගී වීමට අවසර ලබා දෙනු ලැබේ.

134087384 215792576743129 5284299998972019085 n
133881432 215792603409793 5259960475339524133 n

UPDATE: 28/10/2020

නව කොරෝනා ව්‍යාප්තියත් සමග සෞඛ්‍ය අංශ විවාහ උත්සව සදහා වූ නීති රීති සංශෝදනය කර තිබෙන අතර ඒ අනුව උත්සව ශාලාවේ ආසන ධාරිතාවෙන් 50%ක් පිරිස හෝ උපරිම 50 යන දෙකෙන් අඩු සංඛ්‍යාවකට මංගල උත්සවය සදහා සහභාගී වීමට අවසර ලබා දෙනු ලැබේ.

(මෙය බස්නාහිර පලාත සදහා පමනක් වලංගු වේ.)

122757897 2150195985110935 5567844311340724104 n

UPDATE: 07/10/2020

නව කොරෝනා ව්‍යාප්තියත් සමග සෞඛ්‍ය අංශ විවාහ උත්සව සදහා වූ නීති රීති සංශෝදනය කර තිබෙන අතර ඒ අනුව උත්සව ශාලාවේ ආසන ධාරිතාවෙන් 50%ක් පිරිස හෝ උපරිම 200 යන දෙකෙන් අඩු සංඛ්‍යාවකට මංගල උත්සවය සදහා සහභාගී වීමට අවසර ලබා දෙනු ලැබේ.

මෙය ඔක්තෝබර් 31 දක්වා බල පැවැත්වේ.

image 1
source: Health Promotion Bureau Sri Lanka

download full guideline

දිගටම Updates ලබාගන්න, අපගේ Android App එක download කරගන්න.

https://play.google.com/store/apps/details?id=com.wiwaha.www

This image has an empty alt attribute; its file name is app-launch-1.png

UPDATE: 06/07/2020

උත්සව ශාලාවේ ආසන ධාරිතාවෙන් 50%ක් පිරිස හෝ උපරිම 300 යන දෙකෙන් අඩු සංඛ්‍යාවකට මංගල උත්සවය සදහා සහභාගී වීමට අවසර ලබා දෙනු ලැබේ.

WhatsApp Image 2020 07 06 at 19.51.35

UPDATE: 23/06/2020

ශ්‍රී ලංකා පිළිගැනීමේ ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය හා
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන හා සිවිල් ගුවන් සේවා අඅමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවැත්වුණු සාකච්චාව අතරතුර දී විවාහ උත්සවයකට සහභාගී විය හැකි උපරිම අමුත්තන් සංඛ්‍යාව ඉහළ දැමීම පිළිබද අවදානය යොමු වී තිබේ .ශ්‍රී ලංකා පිළිගැනීමේ ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය එහෙදී පවසා සිටියේ ආරාධිත අමුත්තන් සීමා කිරීම ඔවුන්ට බෙහෙවින් බලපා ඇති බවයි. ආරාධිත අමුත්තන් සංඛ්‍යාව 200 දක්වා ඉහළ දැමීම සඳහා අමාත්‍ය වරයා විසින් ජාතික මෙහෙයුමේ ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යෝජනාව යොමු කරන ලදැයි අමාත්‍ය වරයා ප්‍රකාශ කර ඇත. මේ අනුව අමුතන් ගණන ඉහල දැමීම සඳහා රජයේ අවධානය යොමු වී ඇත .

විවාහ සම්බන්ධව සියලුම දේ දැනගැනීමට, දීමනා ලබා ගැනීමට ඔබගේ විවාහය තෙක් ලග තිබිය යුතු වටිනාම විවාහ Android App එක ලබා ගැනීමට මේ ලින්ක් එක ???? Click කරන්න.

https://play.google.com/store/apps/details?id=com.wiwaha.www

This image has an empty alt attribute; its file name is app-launch-1.png

UPDATE: 28/05/2020

කෝවිඩ්-19 ව්‍යාප්තිය වළක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය පිළිබද උපදෙස් මාලාවේ මෙසේ සදහන් වෙයි.

  • අමුත්තන් සංඛ්‍යාව සීමා කිරීම ගැන සේවාදායකයට සදාහන් කල යුතුය. උත්සව ශාලාවේ පවතින ආසන සංඛ්‍යාවෙන් අඩකට හෝ අඩකට අඩු පිරිසක් සහභාගී විය යුතුය. (උපරිමය 100 කට යටත්ව)
  • එකිනෙක සමග ආරක්‍ෂිත දුරස්ථ බවක් තබාගත නොහැකි බැවින් නැටුම් අංග පැවැත්වීම සුදුසු නොවේ.
  • උපරිම පුද්ගලයන් 4 දෙනෙකුගෙන් යුත් සීමාවක් යටතේ නර්තන කණ්ඩායමකට ඉඩ දිය හැකි අතර ඔවුන්ගේ පෞද්ගලික වේශ නිරුපන භාණ්ඩ භාවිත කිරීමට ඔවුන්ට උපදෙස් දීය යුතුය.
  • සෑම විවාහ මංගල්‍යයක් සදහම සෞඛ්‍යය ආරක්ෂක සම්බන්ධව නිලධාරියෙක් පත් කරන්න.
  • ලබා දී ඇති උපදෙස් වලට අනුකූල බව දක්වමින් ඔබ විසින් එකගතා ප්‍රකාශය පිරවිය යුතුය. සම්පුර්ණ කරන ලද එකගතා ප්‍රකාශය පළාත් පාලන ආයතනයට (මහා නගර සභාව / නගර සභාව / ප්‍රාදේශීය සභාව) ඉදිරිපත් කල යුතු අතර එහි පිටපතක් ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය නිලධාරිවරයා වෙත යැවිය යුතුය.

සම්පුර්ණ උපදෙස් පත්‍රිකාව පහතින්.

100086872 1120180331677518 6099343568843833344 n
රජයෙන් නිකුත් කරන ලද කෝවිඩ්-19 ව්‍යාප්තිය වළක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය පිළිබද උපදෙස් මාලාව

UPDATE: 25/05/2020

සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කරන ලද නිවේදනයකින් සදහන් කලේ මංගල උත්සව සදහා සහභාගී විය හැකි උපරිම ගණන 100ක් බවයි. එසේ උවත් කුඩා උත්සව ශාලා සදහා, උත්සව ශාලාවේ ධාරිතාවයෙන් 40% ඉක්මවා යා නොහැකිය. උත්සව ශාලාවේ ධරිතාවය කොපමණ වැඩි උවද 100 කට වඩා සහභාගී විය නොහැක.

Screenshot 20200525 104045 Drive

UPDATE: 20/05/2020

මංගල උත්සවයට සහභාගී විය හැක්කේ 25 දෙනෙකුට පමණක් බවත් පැමිණෙන සියලුම පුද්ගලයන්ගේ තොරතුරු ලබා දිය යුතු බව නවතම උපදෙස් මලා වල සඳහන් වේ. .

98447660 927443431015473 3091431671984029696 n

15/05/2020

කොරෝනා නිසා මාර්තු, අප්‍රේල් සහ මැයි මාසයේ මුලට යෙදී තිබුන විවාහ උත්සව ඔබට කල් දැමීමට සිදු වුණා. ඒත් මැයි මස අග භාගයේ සහ ඉන් ඉදිරියට ඇති මාස කිහිපයේ විවාහ උත්සව ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබට සිතට සහනයක් ගෙනෙන පුවතක් ගෙන ඒමටයි අපි මේ සූදානම් වෙන්නේ .
උත්සව ශාලා වල ධාරිත්වෙන් භාගයක් පමණයි ඔබට ඔබගේ මංගල දිනය සඳහා ආරාධනා කිරීමට හැකිවන්නේ. සමාජ දුරස්ථ භාවය පවත්වා ගනිමින් ඔබගේ අත්‍යවශ්‍යම නෑදෑ හිත මිතුරන්ට ඔබගේ විවාහ දිනයට ආරාධනා කිරීමට සිදු වෙනවා. නමුත් දැනටමත් ඔබ ආරාධනා පත්‍ර බෙදල ඉවර නම් එතනදි ඔයාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්..එත් ඒ ප්‍රශ්නය එකිනෙකාට ආවේනික ලෙස බලපාන නිසා ඔයාලට මේ ප්‍රශ්නේ විසඳගන්න ඔයාලගේම ක්‍රමයක් හොයාගන්න වෙනවා.කොහොම වුණත් Covid 19 නිසා බොහෝ අය ගමන් බිමන් වල නිරත නොවෙන නිසා ඔබේ ආරාධිත අමුත්තන් බොහොමයක් විවිධ හේතු නිසා විවාහ උත්සවයට සහභාගී නොවෙන්නත් පුළුවන් .කොහොම වුනත් ඔබේ ආරාධිත ලැයිස්තුව ප්‍රදේශය භාර PHI මහතාට පෙන්වීමෙන් ඔබට මේ සඳහා උපදෙස් ගැනීමේ හැකියාව තිබෙනවා
උත්සව ශාලා වලට ඇතුලත් වීමට පෙර සියලු දෙනාගේ උෂ්ණත්වය පරීක්ෂා කල යුතු බව සෞඛ්‍ය නිලධාරීන් නිර්දේශ කර තියෙනවා. එසේම සෑම විවාහ උත්සවයකට පෙර සහ පසු ශාලාව ජීවානුහරණය කිරීම අනිවාර්ය කර ඇත . වීදුරු සහ පිගන් හැඳි ආදිය අමුත්තන් විසින් හවුලේ පරිහරණය නොකල යුතු අතර අ සඳහා වෙනම සේවකයෙකු බුෆේ ස්ථානයට පත් කල යුතු වේ. මේ සියලු කරුණු බලපාන්නේ ඔබගේ විවාහ මංගල උත්සවය පැවැත් වීමට නියමිත උත්සව ශාලාව සඳහා වේ.
එසේම වෙනදා මෙන් සමුහ චායාරුප ගැනීමට ඔබට හැකියාව නැත .ඒ වගේම මංගල යුවල ඇතුළු අමුත්තන් සිප වැළඳ ගැනීම්ද අතට අත දීමෙන්ද වළකින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත .
ඉතින් මේ කරුණු අනුගමනය කරමින් දැන් ඔබේ මංගල උත්සවය පැවැත්වීමට හැකියාව ලැබී තියනවා.


Spread the love

Comments

  • No comments yet.
  • Add a comment