මංගල ආභරණ සෑදීමේදී ගැනීමේදී මේ ගැනත් සැළකිළිමත් වෙමුද ??

Spread the love

රත්තරන් පිළිබඳව කථා බහ කිරීමේදී මංගල ආභරණ පිළිබඳව අමතක කොට රත්තරන් පිළිබඳව කථා කිරීමට බැරි තරම්. ජීවිතයේ එක් අවස්ථාවකදී උදාවන සුන්දර මංගල දිනයේදී රන් භාණ්ඩ සඳහා හිමිවන සුවිශේෂී ස්ථානය මේ කරුණු සඳහා හේතු සාධක වී තිබෙනවා. මුදු මාරු කිරීම, කරමාල පැළඳවීම, සිංහල විවාහ මංගල්‍යක ප්‍රධාන චාරිත්‍රයක් ලෙසද පැවැත එන්නක්. 

කුමන ආගමෙහි, ජාතියෙහි, සමාජ පංතියෙහි, සහ ප්‍රදේශයෙහි වුවත් තමන්ගේ මංගල උත්සවය සඳහා නාමික වශයෙන් හෝ රන් භාණ්ඩ යොදා ගැනීමට පුරාණයේ සිට ශ්‍රි ලාංකිකයන් අමතක කළේ නැහැ.  සිංහලයන් පෝරුවේදී  කරමාලය පැළඳවීම කරනු ලබන අතර දමිල ජාතිකයන් තැල්ල ලෙස හදුන්වනු ලබන ආභරණය සඳහා මංගල දිනයේදී විශේෂිත ස්ථානයක් ලබාදෙනවා. 

මුස්ලිම් ජාතිකයන් කරමාලය යනුවෙන් පළදිනු ලබන්නේ “සවඩි’’ නම් වූ ආභරණයක්. කතෝලිකයන් පල්ලියේදී කරමාල පළදිනු ලබනවා. මෙම කරුණු පිළිබඳව සළකා බැලීමේදී රන් භාණ්ඩ සහ මංගල උත්සව අතර තිබෙන සම්බන්ධතාවය ඉතා පැහැදිලියි. මංගල මුදුවද කරමාලය තරමටම ජනප්‍රිය වූ මංගල ආභරණ විශේෂයක්. ලෝකය නවීකරණය වීම සමඟම නොයෙක් විවාහ උත්සව අංග අභාවයට ගියද මංගල ආභරණ පැළැඳවීම සෑම විවාහ මංගල උත්සවයකදීම අපට දකින්නට ලැබෙනවා. විවාහ මංගල උත්සවය සඳහා ආභරණ සෑදීමේදී ඔබ විශේෂයෙන් සැළකිලිමකත් විය යුතුයි. දෙපාර්ශවයේම ගෞරවය සහ විශ්වාසතීයත්වය රැකෙන පරිද්දෙන් විශ්වාසදායි නියම බර දරන ආභරණ සාදවා ගැනීම ඔබගේ වගකීමක්. 

ජීවිතයට එක් වරක් මුහුණ දෙන විවාහ මංගල්‍ය දිනයේ සතුටින්ම සිටින ඔබ දෙපළ විසින් භාණ්ඩ තෝරා ගැනීමේදී නවීන මෝස්තර සහ කල් පැවැත්ම පිළිබඳව නිතර සිතිය යුතුය. මංගල මුදුව නිරන්තරයෙන් අතෙහි රඳවා තබා ගන්නා භාණ්ඩයක් වීම නිසාම එය කල් පැවැත්මට මෙන්ම රළු පාවිච්චියට ඔරොත්තු දෙන ආකාරයෙන් නිමවා ගැනීම ඔබගේ වගකීමක්. ඔබගේ මංගල උත්සවය සඳහා භාණ්ඩ තෝරා ගැනීමේදී ඔබගේ සිතෙහි උපදින මෝස්තරයට අනුව භාණ්ඩ නිපදවා ලැනීම ඔබගේ සංතෝෂය තව තවත් වර්ධනය කරනු ඇති. මංගල දිනයේදී වැඩි අවධානයක් යොමුවන මනමාළිය පිළිබඳව විවිධ කථාන්දර මංගල දිනයේදී තැනින් තැන අපි අසා තිබෙනවා.  ලස්සන නෙක්ලස් එක නේ.. හරිම පෙනුමයි. 

මෙවැනි වචන වලින් ඔබේ තේරීම පිලිබඳව කරුණු අනාවරණය වෙනවා. මංගල ආභරණ කට්ටලයක ප්‍රධාන අංගයන් අතරෙහි මංගල කරමාලය (WEDDING NECLACE) මංගල මුදුව (WEDDING RING) වළළු සහ කරාබු වලට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයක්. මෙම භාණ්ඩ මිළදී ගැනීමේදී මංගල චාරිත්‍රයක් ලෙස මනමාළියන්ගේ සහෝදරයාට පා සේදීම වෙනුවෙන් ලබාදෙන මුදුව ගැනීමටද අමතක කරන්න එපා. බොහෝ විටදී එම මුදුව ලබා ගැනීමට කාර්ය බහුලවන ඔබට අතපසුවන්නට පුළුවන්. මේ අතපසු වීම ජීවිතය පුරාවටම මානසිකව ලැතැවීමට පවා ඔබට හේතුවේවි. මංගල ආභරණ මිළදී ගැනීමට පෙර ඔබ දෙපළම එක් වී ආභරණ මෝස්තර පිළිබඳව සාකච්ඡා කරන්න. අතෙහි ඇති මිළට දිනයට සුදුසුවන පරිදි ආභරණ මිළදී ගැනීමට පෙර සූදානම් වීම ඉතාමත් වැදගත්. බොහෝ විටදී ඔබ දෙපළගේම කාර්ය බහුලත්වය හමුවෙහි රන් භාණ්ඩ මිළදී ගැනීම යන මාතෘකාව ඔබගේ ලැයිස්තුවෙන් තරමක් පිටුපසට යාමට පුළුවන්. රත්තරන් බඩු ඕන වෙලාවක ගන්න පුළුවන්නේ. සමහර කඩ ඉරිදත් ඇරලා නේ තියෙන්නේ. ඒසේ සිතුවා නම් ඔබ වැරැදිය. 

අවම වශයෙන් මංගල දිනයට මාසයකට කලින් හෝ ඔබ රන් භාණ්ඩ තෝරා ගැනීමට කල්පනාකාරීයි විය යුතුයි. රන් භාණ්ඩ වෙළඳපොළෙහි ඔබට “මිමි” අනුව භාණ්ඩ නිපදවා නොතිබිය හැකියි. මංගල දිනයට දින දෙකකට තුනකට කළින් ආභරණ මිළදී ගැනීමට ඔබ යොමු වුවහොත් විශාල ගැටළු සහගත තත්ත්වයකට මුහුණ දීමට ඔබට සිදු වේවි. 

ඔබගේ සිතැඟි පරිදි භාණ්ඩයක් මිළදී ගැනීමට නිපදවා ගැනීමට කල් වේලා ඇතිව පිළිගත් ඔබේ විශ්වාසනීයත්වය තහවුරු කරගත් ස්වර්ණාභරණ වෙළෙද මහතෙක් හමුවන්න. ඉන් පසුව ඔබ සැරසීමට බලාපොරොත්තු වන සාරි විලාසිතාව වර්ණය සහ ඔබගේ ශරීරයේ ප්‍රමාණය අනුව මංගල ආභරණ නිපදවා ගැනීමට කටයුතු කරන්න. එය ඔබේ මංගල දිනය වඩාත් සාර්ථක කර ගැනීමට හා වඩාත් උත්කර්ශවත් කර ගැනීමට මැනැවින් ඉවහල් වනු ඇත.


Spread the love

Comments

  • No comments yet.
  • Add a comment