Wedding Saree එක select කරද්දී ආභරණ ගැනත් හිතමුද ??

Spread the love

සාරියේ පැහැය ගැන හිතද්දී පළදින ආභරණ ගැනත් හිතන්න ඕන. උඩරට මනාළිය නම් පළදින්නේ සාමාන්‍යයන් රත්‍රන් ආභරණ නිසා ඒ ගැනත් සැළකිළිමත් විය යුතුයි. සාරිය සහ ආභරණ යන දෙකම එක වගේ දීප්තිමත් වීම සුදුසු නැහැ. හැමදේම සමබරව ගළපාගන්න උත්සාහ කරන්න ඕන. ඔබ තරමක් වර්ණයෙන් අඩුයි නම් ඔබේ පැහැයට වඩා ගොඩක් ලා පැහැයක් තෝරාගත්තොත් ඔබව අවලස්සනට තමයි පේන්නේ. එ වගේ වේලාවට ඔබේ සමේ පැහැයට ආසන්න දීප්තිමත් වර්ණයක් තමයි තෝරාගන්න ඕන. සමහර වෙලාවට වර්ණ කිහිපයක් එකතු කරමින් ඔබටම නව වර්ණයක සාරියක් නිර්මාණය කරගන්න පුළුවන්.

සමහර වෙලාවට විනිවිද පෙනෙන සාරියක් අරගෙන එහි යට පොටට වෙනත් වර්ණයක රෙදි තබා නව වර්ණයක් සකසා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඕෆ් වයිට් සාරියක් යටින් බේජ් පාටත් ක්‍රීම් පැහැති සාරියකට බිස්කට් පැහැති වර්ණයක් එක් කර ගැනීමෙන් තමන්ගේ සමට ගැළපෙන ආකාරයට සාරියේ පැහැය සකස් කර ගත හැකියි. තමන් අඳින සාරිය අනුව ආභරණවල ගැළපීමක්ද තිබිය යුතුයි. රන් ආභරණ නම් ඔබ පළඳින්නේ සාරිය රන් පාට වූ විට ඉතාමත් ලස්සනයි. සම්පූර්ණයෙන්ම නොවූනත් සාරියේ රන් පැහැය අන්තර්ගත විය යුතුයි.සමහරු සාරිය රත්‍රන් වර්ණයෙන් අරගෙන ආභරණ රිදී වර්ණයෙන් ගන්නවා. මෙයින් සිදු වන්නේ සාරිය වගේම ආභරණ වලත් කළ එළියක් නැති වෙන එකයි. රන් ආභරණ වලට සුදු පැහැ ආභරණ ගැළපෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම තමන්ගේ මංගල සාරිය තේරීමේදී මේ ගැනත් සැළකිළිමත් වෙන්න ඕන.

සැ කසුම- බිමායා ජයතුංග


Spread the love

Comments

  • No comments yet.
  • Add a comment