Site icon Wiwaha

ඔබේ මංගල සාරිය තේරීමේදී මේ කරුණු ගැනත් සැළකිලිමත් වන්න …

28cfa2416439a6fc46ea3aedc8815673 wedding sarees bridal hairstyles
Spread the love

විවාහය කියන්නේ සෑම තරුණියකගේම ලස්සනම හීනයක් නේ. ඉතින් ඒ දවසට ඔබ අඳින පළඳින විදිය අනුව දවස විශේෂ වෙනවා. අපිට ආවාට ගියාට මංගල ඇඳුම තෝරන්න බැහැ. හොඳට හිතලා බලලා තමන්ට ගැළපෙන විදියට තමයි මංගල ඇඳුම තෝරාගත යුත්තේ.ඒ වගේම සාරියට යන වියදම තමන්ට දරාගත හැකිද කියලා හිතලා බලන්න ඕන. මනාළිය අනිවාර්යෙන්ම සිය මංගල දිනයට ඉතාමත් වටිනා මිළෙන් අධික සාරියක් තෝරාගත යුතුය කියලා නියමයක් නැහැ. මංගල සාරි විවිධ මිළ ගණන් යටතේ විවිධ වර්ග වලින් අද වෙළඳපොළේ මිළට ගන්න තියනවා. ඔබේ කැමැත්තට අනුව ඔබට වියදම් කළ හැකි ආකාරයට මංගල සාරිය තෝරාගන්න ඕන. 

මිළ

ඔක්කොටම කලින් දෙයක් මිළදී ගැනීමේදී එම මුදල තමන්ට දැරිය හැකිද කියලා බලන්න ඕන. මංගල සාරිය වුනත් එහෙමම තමයි. මංගල සාරිය මිළට ගැනීමට පෙර තමාට ඒ සඳහා වියදම් කළ හැකි මුදල මුලින්ම තීරණය කළ යුතුයි. මනාළිය අනිවාර්යෙන්ම මංගල දවසට මිළෙන් අධික සාරියක් ඇඳිය යුතුයි කියලා නියමයක් නැහැ. නමුත් එදාට හොඳට කැපිලා පේන්න ඉන්න ඕන. මංගල සාරි විවිධ මිළ ගණන් යටතේ අද ඕන තරම් වෙළඳ  පොළේ විකුණන්න තියනවා.

ක්‍රමය

ඔබ සැරසෙන්නේ උඩරට ක්‍රමයට ද බටහිර ක්‍රමයටද කියලා මුලින්ම තීරණය කරන්න ඕන.උඩරට ක්‍රමයට ඔබ අඳිනවා නම් ඔබ ඔසරිය ඇඳිය යුතුයි.ඔබට ඔසරිය ඇඳීමට අපහසුයි වගේ නම් මුලින්ම ඔසරිය කපා මසාගන්න.ඔබ අඳින්නේ පහතරට ක්‍රමයට නම් සාරිය තමයි අඳින්න ඕන. හැබැයි සාරිය ආවාට ගියාට තෝරාගන්න බැහැ. සමහර සාරි තියනවා ඒවායින් අඳින්න පුළුවන් ඔසරිය විතරයි. ඒ නිසා සාරියක් තෝරා ගැනීමේදී අනිවාර්යෙන්ම මේ දේවල් ගැන හිතන්න ඕන.

සැ කසුම- බිමායා ජයතුංග


Spread the love
Exit mobile version