Site icon Wiwaha

විවාහ දිනය ආසන්නද ?එසේනම් නම් හිසකෙස් කපන්න එපා…

ladies hair cutting service
Spread the love

ඔබේ මංගල දිනය ලඟ ලඟම එනවා නේද? මංගල දිනය වෙනුවෙන් හැමදේම ලෑස්ති කරනවා වගේම ඔබේ හිසකෙස් පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන. ඔබේ ජීවිතයේ වැදගත්ම දිනය වන විට ඔබට සොදුරු ලෙස හැඩවී සිටින්නට ඔබේ කෙස් කළඹත් උපයෝගී වෙනවා.

ඔබ හිසකෙස් වල අග කපා දමනවා නම් එය විවාහ උත්සවයට මාස කිහිපයකට පෙර සිදු කරන්න. කිසි විටකත් විවාහ දිනය ආසන්න වී හිස කෙස් අග කපා දමන්න එපා. අනිවාර්යෙන්ම මේ පිළිබඳව සැළකිළිමත් වෙන්න ඕන. ඔබේ රූපලාවණ්‍ය ශිල්පියාට අමතක වීමකින් හෝ ඔබට යම් අතපසු වීමකින් හිස කෙස් වැඩියෙන් කපා දමන්නට පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මේ පිළිබඳව සැළකිලිමත් වෙන්න ඕන. මෙවැනි අවධානමක් විවාහ උත්සවය ආසන්නයේ ගන්න එපා. ඔබේ මංගල දිනය වඩාත් ලස්සන කර ගැනීමට ඔබේ රූපලාවන්‍ය ශිල්පියා සමඟ එකතු වී සැළසුම් කරන්න.

Offers

Spread the love
Exit mobile version