Wedding එකේදී පොල් ගෙඩිය හරියටම දෙකට බෙදුනෙ නැති උනොත් මොකද වෙන්නේ…

Spread the love

ගොඩක් ගෑනු ළමයින්ගේ අම්මල දුවගේ wedding එක දවසට බයෙන් ඉන්න දෙයක් තියනවා… ඒ තමයි පොරුවෙන් බහිද්දි බිඳිණ පොල් ගෙඩිය හරියටම දෙකට බිදෙයි ද… පොල් බෑ දෙක මොන පැත්තට හැරවෙයිද කියන දේවල්… සමාජයේ තියන මතයක් තමයි හරියට බිදුනෙ නැති වුණොත් සහ අනිත් පැත්තට පෙරලුනොත් ඒක විවාහය අසාර්ථක වීමේ සංකේයක් කියන එක. අශුභ ලකුනක් විදියට තමයි ගොඩක් අය ඒක නිර්වචනය කරන්නේ.. ඉස්සර මේක ගොඩක් අය විශ්වාස කල මිත්‍යා මතයක්… ඒත් මේ චාරිත්‍රය ගොඩක් තේරුමක් තියන එකක් කියල ගොඩක් අය දන්නෙ නැ… ඇත්තටම මේ චාරිත්‍රයේ නියම තේරුම තමයි පොරුවෙන් බහින මනලියගේ පවිත්‍රත්වය පොල් ගෙඩියේ වතුර මෙන් පිරිසිදුයි කියන එක.. පොල් ගෙඩියෙ වතුර, පොල් ගෙඩිය ඇතුලෙම හරි පිරිසිදුවට හැදෙනවා…ඒ කියන්නේ නොයිදුල් වතුර තමයි පොල් ගෙඩියක් ඇතුලේ තියෙන්නේ… පොල් ගෙඩිය බිදුන්ට පස්සේ තමයි වතුර අපිරිසුදු වෙනවනම්, එහෙමත් නැත්නම් ඉදුල් වෙනවනම් වෙන්නේ… ඒ වගේ තමයි පොඩි කාලෙ ඉඳල ආදරෙන් ආරක්ෂා කරගත්ත තමන්ගේ දියණියගේ පිරිසිදු බව සංකේතවත් වෙන්නත්, එම මොහොතේ පටන් යුග දිවියට පිවිසෙන යුවලට සෞභාග්‍ය සංකේතවත් කරන නොයිදුල් වතුර පෙන්වන්නත් තමයි ඔය පොල් ගෙඩිය බිදීමේ චාරිත්‍රය සිංහල බෞද්ධ චාරිත්‍ර වලට එකතු වෙලා තියෙන්නේ…

තව හරියටම පෝරුවෙන් බහිද්දී පොල් ගෙඩිය බිදින්න ඕන කියලත් මිත්‍යා මතයක් තියනව… පොල් ගෙඩිය බිදින්න ඕන පෝරුවෙන් බැස්සට පස්සේ… පෝරුවෙන් බසින තෙක් එම යුවල යුග දිවියට පිවිසීම සංකේතවත් වෙන්නේ නෑ… එම නිසා පෝරුවෙන් බැස්සම පොල් ගෙඩිය බිදල නොයිදුල් වතුර වලින් පෙගුන බුලත් කොලයක් අරන් ආශිර්වාද කිරිමක් අෂ්ඨක කරන මාමා සිදු කරනවා…

සැකසුම -චාමිනි ලියනගේ


Spread the love

Comments

  • No comments yet.
  • Add a comment