Site icon Wiwaha

ඔබේ මංගල දිනය ලඟ ලඟම එනවා නේද??

hairstyle1
Spread the love

ඔබේ මංගල දිනය ලඟ ලඟම එනවා නේද? මංගල දිනය වෙනුවෙන් හැමදේම ලෑස්ති කරනවා වගේම ඔබේ හිසකෙස් පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන. ඔබේ ජීවිතයේ වැදගත්ම දිනය වන විට ඔබට සොදුරු ලෙස හැඩවී සිටින්නට ඔබේ කෙස් කළඹත් උපයෝගී වෙනවා. ඉතින් මංගල දිනය වගේ ජීවිතයේ ලස්සනම දවසක ලස්සනට හැඩ වී ඉන්නට පුංචි උපදෙස් ටිකක් අපි ඔබට ලබා දෙනවා.

තමන්ට ගැළපෙන නිවැරැදිම කොණ්ඩා මෝස්තර විලාසිතාව තෝරා ගන්න.ඔබේ කොණ්ඩා විලාසිතාව තෝරා ගත යුත්තේ ඔබේ රූපය තව තවත් ඔප් නැංවෙන ආකාරයටයි.මේ නිසා පහත කරුනු ගැන සැළකිළිමත් වන්න.

ඔබේ මංගල ඇඳුමට ගැළපෙන ලෙස

ඔබේ මංගල ඇඳුමට ගැළපෙන ලෙස කොණ්ඩා විලාසිතාව තෝරා ගැනීමෙන් ඔබේ පෙනුමට පරිපූර්ණ සුන්දත්වයක් හිමි කර ගත හැකියි.ඔබේ  මංගල ඇඳුම සරළ විලාසිතාවකින් යුක්ත නම් ඔබට තරමක් විලාසිතාබර කොණ්ඩා මෝස්තරයක් ගැළපෙනවා. ඔබේ මංගල ඇඳුම මෝස්තර අදික ඇඳුමක් නම් බොහෝ විට ඔබට ගැළපෙන්නේ සරළ හිස කෙස් විලාසිතාවකුයි. 

කාළගුණයට ගැළපෙන ලෙස

ඔබේ මංගල දිනයේ ඔබේ විලාසිතාවන් වල සුන්දරත්වය වගේම පහසුව ගැනත් සිතීම වැදගත්. උණුසුම් අවස්ථාවක ඔබ ඔබට දරා ගැනීමට අපහසු කොණ්ඩා විලාසිතාවක් දරා සිටීමෙන් ඔබව දහදිය දැමීම නිසා පීඩාවට පත් වේවි. ශීතල කාළගුණයක/ වායු සමීකරණය කළ මංගල ශාලාවක ඔබ විවාහ උත්සවය පවත්වනවා නම් මේ ගැටළුව ඇති වෙන්නේ නැහැ. 

ඔබේ හිසකෙස් වල දිග සහ ප්‍රමාණය ගැන අවබෝධ කර ගන්න.

ඔබ හිසකෙස් විලාසිතාවන් අනුගමනය කළ යුත්තේ ඔබේ කෙස් කළඹේ දිග සහ ප්‍රමාණය අනුවයි. වෙනත් දවසක දමන හිස කෙස් විලාසිතාවන්ට වඩා ඔබේ මංගල දිනයේ යොදන හිස කෙස් විලාසිතාවන්ට ප්‍රමුඛත්වය සිය යුතුයි. 

සැකසුම- බිමායා ජයතුංග

Offers

Spread the love
Exit mobile version