Site icon Wiwaha

සිරුරේ හැඩය සහ වර්ණය අනුව Wedding Saree එක තෝරමු ..

70339175 1312947692220768 2662959030091120640 o scaled
Spread the love

සිරුරේ හැඩය

ඔබ සාරියක් තෝරා ගැනීමේදී ඔබේ සිරුරේ හැඩය ගැන අනිවාර්යෙන්ම හිතන්න වෙනවා. ඔබ තරමක් මහත කෙනෙක් නම් ඔබේ සිරුර තවත් පළල් කර පෙන්වන විදියේ සාරියක් ඔබට ගැළපෙන්නේ නම් නැහැ.ඇඟට ඇලී තියන සාරියක් තමයි ඔබ විසින් තෝරාගත යුත්තේ.ක්‍රේප් සිල්ක් සාරි හෝ ළඟින් ලඟින් මෝස්තර වැටී තියන ලේස් සාරියක් වුනත් මහත කෙනෙක්ට ගැළපෙනවා. ඔබ කෙට්ටුයි නම් ඔබව මහත් කර පෙන්වන සාරියක් තමයි ගැළපෙන්නේ.පල්ලුවේ බෝඩරය උකුළේ පළල පෙනෙන ආකාරයට තිබුණොත් සිරුරේ පළල වැඩි වෙලා ලස්සනට පේනවා.පල්ලුව පටුවට පෙනෙන පොටට සහ නෙරියට කුඩා බෝඩරයක් තිබෙන සාරි තරමක මහත අයට හොඳට ගැළපෙනවා. සිහින් සිරුරක් තියන කෙනෙක්ට සාරියේ රැලි ගොඩක් තිබුනොත් ඒක ලස්සනට තියනවා.රැලි කරමක් විශාලව පළලට සැකසීමෙන් සිහින් කෙනෙක්ට තරමක් පිරුණු මහත පෙනුමක් ලබාගන්න පුළුවන්.

සිරුරේ වර්ණය


වර්ණය කියන්නේ නම් සාරියක් නොවෙයි මොන ඇදුම තෝරගන්න ගියත් විශේෂයෙන්ම සළකා බලන්න ඕන දෙයක්.සාරිය කොයිතරම් ලස්සන වුනත් සාරියේ වර්ණය ඕබේ සිරුරට ගැළපෙන්නේ නැතිනම් ඔබව අවලස්සනට පෙනෙනවා මිසක් සාරිය ලස්සනට පේන්නේ නැහැ. ඕනෑවට වඩා වර්ණවත් සාරි ඔබව කැපී පෙනීමට ලක් කරනවා.

සැ කසුම- බිමායා ජයතුංග

Offers

Spread the love
Exit mobile version