මේ අවුරුද්දේ විවාහ වෙන්න ඉන්න අයට වැදගත් වෙන කරුණු (II කොටස)

Spread the love

01. ඔයාගේ වෙඩින් එක ඔයාම ප්ලෑන් කරන්න

වෙඩින් ප්ලෑන් කරන company  දැන් ඕන තරම් ලංකාවේ තියනවා. අතේ සල්ලි ගොඩක් තියනවා නම් තමන්ගේ වෙඩින් එක ප්ලෑන් කරන්න මේ විකල්පය තෝරාගත්තාට කමක් නැහැ. මොකද තෝරාගන්න පැකේජ් එකේ හැටියට සියළුම වැඩ ඒ අය කරනවනේ. 

02. බාර් එක ඔයාලම  කරගන්න

අමද්‍යප සංගමයේ දෙන්නෙක් බැන්දත් ඔය මොන මගුල් ගෙදරටත් අනිවාර්යෙන්ම බොන්න දෙන්න ඕන. කොච්චර බොන්න දුන්නත් ඒකත් ලිමිට් එකට කරන්න ඕන. මොකද අරක්කු දෙනවා කියන්නේ විශාල වියදමක් දරන්න ඕන වැඩක් නිසා. හොඳම දේ තමයි අරක්කු ටික ටික ඒ කියන්නේ බෝතල් කිහිපයක් එකතු කරගන්න එක. මුලින්ම ඔය ඩියුටි ෆ්රී හරි මොකක් හරි හොඳ ලිකර් තියන තැනක් බලලා බෝතල් කිහිපයක් ගෙන්න ගත්ත නම් වැඩේ ගොඩ. මේ වැඩ දෙකටම ඔයා තෝරගන්න හෝටලයත් ප්‍රශ්ණයක් වෙන්න බැහැ. ඒ සේරමත් ශේප් කරන් තමයි වැඩේට බහින්න ඕන.ඊට පස්සේ වෙඩින් එක දවසේ මේ බඩු ටික බොන සෙට් එක අතරේ බෙදලා දෙන එක තමයි කරන්න ඕන. 

03. යාළුවෝ ලවා කේක් හදවා ගන්න

සමහර වෙඩින්වල කපන කේක් වෙඩින් කේක් හෝල් එකේ වහලේ ගෑවෙන්න තරම් උසයි. ඒ උණාට ඇත්තටම කන්න පුළුවන් කේක් තියෙන්නේ මේකේ පාදම හරියේ විතරයි. උඩ ටිකේ තියෙන්නේ ඍජු ෆෝම් ලොකු ගාණක් දීලා බොරු සෝබන කේක් හදන වේලේ හැමෝටම කන්න පුළුවන් විදියේ රස කේක් ගෙඩියක් හදා ගත්තොත් මොකද

කේක් හදන්න දන්න තමන්ගේ යාළුවෙක් හෝ නෑදෑයෙක් ඉන්නවා නම් ඒයාට මේ වැඩේ භාරදෙන්න. ඒ නැතැත් රසට කේක් හදන හෝම් බේකර්ස්ලා අද ලංකාවේ හැම තැනකම වගේ ඉන්නවා. ඒ වගේ කෙනෙක්ගේ උදව්වත් මේ වෙලාවේදී ගන්න පුළුවන්. 

04. එක ඇදුමක් තිබුණම මදැයි

අපේ පැරණි සිංහල මංගල උත්සව වල සිරිතක් තමයි මනමාලිය මනමාලියක් ලෙසින්ම ගෙදරින් පිටවිය යුතුය. කියන සංකල්පය. පෝරුවෙන් බහිද්දී ඇඳගෙන ඉදපු ඇඳුමම ඇඳගෙන මනාලයාගේ ගෙදරට පිටවෙන්න ඒ කාලේ මනමාලියෝ පුරුදු වෙලා හිටියේ ඒකයි. හැබැයි දැන් මේ සිරිත දැක ගන්න නොලැබෙන තරම්. අද පෝරුවට එක ඇදුමකුත් මධු  සමයට පිටවෙද්දී තවත් ඇදුමකුත් වශයෙන් ඇදුම් කිහිපයකට මාරු වෙන්න ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේ හැමදේකින්ම වෙන්නේ අතේ සල්ලි ටික හිදෙන එක තමයි. හොඳම දේ තමයි එක ඇඳුමකට සීමා වෙන එක. එහෙම වෙලා කියලා තමන්ගේ තත්ත්වේ අඩු කමත් නම් වෙන්නේ නැහැ. මොකද මේ ගොඩක් දේවල් අපේ අය විසින්ම හදා ගත්ත දේවල්. ඒ වගේම ගොඩක් සල්ලි තියන අයට මේක nothing.

අනික සාරි කලිසම් කමිස වගේ දේවල් කුලියට ගන්නවා නම් එකම තැනකින් ඒවා කරනකොට ලොකු ගාණත් ඉතුරු කරගන්න පුළුවන්. සපත්තු, ආභරණ වගේ දේවල් හදවද්දීත් මේ දේම අදාළ කරගන්න පුළුවන්. 

05. සරල සැරසිලි

හෝල් එක ඇතුලේ සැරසිලි ලොකුවට නොකළට ඒ හැටි අවුලක් නැහැ. පොඩි සැරසිල්ලක් තිබුණාම හොඳටම ඇති. මොකද එසේ දවසක් හැමෝගේම අවධානය යොමු වෙලා තියෙන්නේ බඳින ජෝඩුව දිහාට මිසක් මේසේ උඩ තියන මල් පොකුරට නෙවෙයි. මනාලියෝ හැමෝම වගේ ෆෙෂ් මල් භාවිත කරන්න ගොඩක් කැමතියි. ඒත් ඒක වියදම අධික වැඩක් තමයි. 


අනිත් අයටත් දැනගන්න මේ Post එක Share කරන්න ඔයාලට පුළුවන්.. ඔයාල තවත් මේ වගේ අදහස් දන්නවනම් ඒ ගැන පහතින් comment එකක් දාන්නත් පුළුවන්.

සැකසුම- බිමායා  ජයතුංග


Spread the love