බදින්න හිතාගෙන ඉන්න අයට නැගෙන ප්‍රශ්න ??

Spread the love

ආදරවන්තයින් දෙදෙනෙක් සිහින දකින්නේ කොහොමහරි කසාදයක් බැදලා සතුටින් ඉන්න. ඉතින් යාලු වෙලා ඉන්න කාලෙදිත් මහා ලොකුවට කසා‍දේ ගැන කතා කරනවා. අපි මෙහෙම වෙඩින් එකක් ගමු. මේ විදියට අදිමු. ඔය ආකාරයට. එක එක අය තමන්ගේ මංගල උත්සවය ගැන සිහින දකිනවා. මේක එක විදියක පිස්සුවක් කිව්වොත් හරි. සමහර මනාල දැක්මවල් බලන්න කෙල්ල වද කරාම කොහොමහරි වැඩ පාඩු කරගෙන හරි කොල්ලෝ මේවට එක්කන් යනවා. ඔන්න ඔය විදියට තමන්ගේ මංගල උත්සවය සැලසුම් කරනවා. ඉතින් මේ බදින්න ඉන්න අයට එක එක විදියේ ප්‍රශ්න ගැටලු මතු වෙනවා. ඒවා මොනවද කියලා අපි බලමු. 

01. Registration  එක නැතිනම් Engagement  එක කරන්නේ කොහොමද? 

Wedding  එකක් ගන්නේ නැතිව  wedding එකකට වියදම් වෙන සල්ලි වලින් වෙනත් ආයෝජනයක් කරන්න සමහරු කල්පනා කරනවා. එත් ලගම නැදෑයොන්ට  කියල පොඩියට Registration  එකත් කරන්න සමහර අයගේ සිතේ තියනවා. ඉතින් එහෙම අයට තමන්ගේ ලගම ඤතිඉන්ට කියල එදා දවසේ ලස්සන මනාලියක් වගේ සැරසිලා ඡායාරුප අරගෙන සරලව මේ උත්සවය සමරන්න පුළුවන්. ලොකු බජෙට් එකකට යන්නේ නැතිව අවශ්‍ය දේ විතරක් ලස්සනට ප්ලෑන් කරලා කරන්න පුළුවන්.

02. Wedding  එකක් ඕනද ?

ආදරවන්තයින් දෙදෙනෙක් හරියටම විවාහ වන බව දැනගත්තට පස්සේ මුලින්ම හිතන්නේ අනේ දැන්  කොහොමද අපි වෙඩින් එක ගන්නේ කියලා. අද කාලේ ලොකුවට වෙඩින් එකක් ගන්න නම් ඉතින් හොදට සල්ලි තියෙන්න ඕන. ඉස්සර වගේ නෙවෙයි දැන්  වෙඩින් වලට එක එක විදියේ trends ඇවිල්ල තියනවා. මේවට අපි හිතන්නෙත් නැති විදියට සල්ලි වියදම් වෙනවා. වෙඩින්  එක ගන්න ප්ලෑන් කරලා එක එක දේවල් බලන්න ගියාම තව තව දේවල් පේනවා. ඉතින් දැක්කම ආයෙත් ආසා හිතෙනවා. ඉස්සර ස්ටුඩීයෝ එකට ගිහින් ජෝඩුව ගහපු ෆොටෝ අද pre-shoot, wedding shoot, function shoot, video shoot යන විදියට නම් කරලා තියනවා. ඒවාට ඉතින් හැමෝම ආසයි . ගොඩක් දුරට මනාලියගේ යාලුවෝ සෙට් එකක් එකතු වෙලා එයාට surprise එකක් දෙනවා. එක අපි හදුන්වනවා BRIDE TO BE කියලා. මේ විදියට ඉතින් විවාහ මංගල උත්සව වලට අලුත් අලුත් දේවල් ගොඩක් එකතු වෙලා තියනවා. 

ඉතින් ඔක්කොටම කලින් දෙන්න එකතු වෙලා දෙමව්පියන්ගේ අනු දෙනුම ඇතිව තීරණය කරන්න ඕන අපිට මහා පරිමාන ‍ෙවඩින්  එකක් ගන්න ඕනද කියන කාරනාව. මොකද ඔය මොනවා කලත් එක දවසයි දෙකයි පැය කිහිපයයි. විවාහ වෙන්න යන යුවලට හිතෙනවා නම් ලොකු වෙඩින් එකක් ගන්න එක තේරුමක් නැහැ කියල ඒ සල්ලි ටික පිනකට දහමකට යොදවන්න පුළුවන්.හැබැයි දෙන්න කැමති ලොකුවට වෙඩින් එකක් ගන්න නම් එක ඉතින් තමන්ගේ කැමත්ත. අන්න ඒ නිසා දෙන්නත් එක්ක එකතු වෙලා මේ කාරණාව ගැන කතා කරන්න.

03. Wedding එකට යන සම්පූර්ණ බජට්‍ එක කියද? 

මේ කාරනාව ගැන දෙන්නත් එක්ක බුද්දීමත්ව සිතන්න ඕන. උත්සවයට සල්ලි වියදම් කරද්දී තමන්ගේ අම්මලා තාත්තලගේ සල්ලි තමයි ගොඩක් අය වියදම් කරන්නේ. ඒ නිසා අවශ්‍ය දේ පමණක් අරපිරිමැස්සෙ‍ෙමන් කරන්න දැනගන්න ඕන. රැල්ලට  කරනවට වඩා ලස්සනට ක්‍රමානුකූලව තමන්ගේ විවාහ මංගල උත්සවය සැලසුම් කරන්න ඕන. හැබැයි වෙඩින් එක ප්ලෑන් කරන අයට වැඩේ බාර දීලා නිකන් බලන් ඉන්න එපා. තමන්ට ඒ දවස කොහොමද කෙරෙන්න ඕන කියලා එයාලට පැහැදිලිව කියාදෙන්න ඕන. මුල ඉඳලම ටිකක් මහන්සි වෙලා හොයල බලලා ලගින්ම ඉඳන් කරගත්තොත් අඩු මුදලකට ලස්සනට වැඩේ  කරගන්න පුළුවන්. අන්න ඒ නිසා දෙන්නත් එක්ක ටිකක් ඇවිදලා වෙඩින් ශෝව්ස් බලලා තමන්ට හරියන හොදම බජෙට් එක අනුව වෙඩින් එක කොහොමද ගන්නේ කියලා තීරණය කරන්න. 

සැ කසුම- බිමායා ජයතුංග


Spread the love

Comments

  • No comments yet.
  • Add a comment