බදින්න හිතාගෙන ඉන්න අයට නැගෙන ප්‍රශ්න ??(II කොටස)

Spread the love

04.Functions කීයක් ගන්නවද ?

ඔන්න ඊලග ප්‍රශ්නය. වෙඩින්ග් එක Home coming එක ඇතුලු functions කියක් ගන්නවද කියන එක තමන් තමයි ඉතින් තීරණය කරන්නේ.ගොඩක් දුරට වියදම සහ පහසුව ගැන හුගක් හිතනවා නම් ඔන්න දැන් අලුත්ම සහ ලේසිම ක්‍රමය තමයි functions දෙක තුනක් ගන්නේ නැතිව එකම දවසේ වැඩේ ඉවරයක් කරන එක. හැබැයි ඉතින් මේ කරණාව ගැන දෙපැත්තෙම දෙමවිපියන් කැමති කරවා ගන්න ඕන. අපෝ  අපේ පැත්තෙනුත් උත්සවයක් නොගෙන බෑනේ වගේ පරණ අදහස් වලට නොයා දෙගොල්ලන්ටම පහසු විදියට වැඩේ කරගන්න කැමති නම් ඔන්න හරි ඉතින්.

05. චාරිත්‍ර කරනවාද කරන්නේ කොහොමද ?

මෙන්න තවත් බැරෑරුම් ප්‍රශ්නයක්. මේක තවත් ටිකක් රට පැටලෙන ප්‍රශ්නයක් වෙන්නේ කසාද බදින අය ආගම් දෙකක උනාම. චර්ච්  ෆන්ක්ෂන් එකත් අරන් පෝරුවේ චාරිත්‍රයත් තියන්න ඕන වගේ දෙයක් හිතට අාවොත් මෙහෙම ගැටලුවකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. අන්න ඒ නිසා චාරිත්‍ර කරන විදිය ගැන කතා කරගන්න ඕන. ගොඩක් දුරට චාරිත්‍ර කරද්දී ඒවාට වෙන් කරන වෙලාවල් සහ දින පිලිබදව සැලකිලිමත් වෙන්න ඕන.

06. ඉන්වයිට් කරන අය තීරණය කරන්නේ කොහොමද?

මෙතන තමයි හුගක් වෙඩින් වල පවුල් දෙකම හිරවෙන තැන කොච්චර අරහෙට මෙහාට කරකවලා හැදුවත් ඉන්වයිටීස් ලා ලිස්ට් එක හදාගන්න තමයි කාටත් අමාරු. ලිස්ට් හදද්දී නෑයෝ අමතක කරන්න හොද නෑනේ. ඒ නිසා ඉස්සෙල්ලම තෝරාගන්න නෑදෑයින් ගණන අනුව ලිමිට් එකක් හිතාගන්න එක දවසකට එක පැත්තකින්  මෙන්න මෙච්චරයි උපරිම ඉන්වයිටීස් ලා කියලා. නැතුව මතක් වෙන ගානට ඇඩ් කරොත් ලිස්ට් එක හිතාගන්න බැරී තරම් දිග වෙයි. ජීවිතේට වචන දහයකට වඩා කතා කරලා නැති නෑයෝයි නොනෑයොයි ඇඩ් කරන්න කලින් හොදට කල්පනා කරලා බලන්න. කාල බීලා ගියාට පස්සේ කාටත් ඕවා මතක නැහැ.

07. After Wedding ප්ලෑන් හදාගන්නේ කොහොමද?

මෙන්න මෙතනට එන්න ඕන නිසා තමයි ඔය මුලින් කියපු ඔක්කොම කීවේ. වෙඩින්ග් එකක් අරන් අත පිහදාගෙන පැත්තකට වෙන්න බෑනේ, එයින් පස්සේ අර මුලින් කිව්වා වගේ ජීවිතේ තියනකම්ම දෙන්නත් එක්ක අැදගෙන යන්න ඕන. කොහොම උනත් අපි වෙඩින්ග් එකකට වියදම් කරන සල්ලි වලින් කාලක්වත් ආයේ බලාපොරොත්තු වෙන්න බැහැ. අන්න ඒ නිසා තමයි බොහොම බුද්දීමත්ව තියන පලියට වියදම් නොකර ඉතාම අර පිරිමැස්මෙන් සල්ලි භාවිතා කරන්න ඕන. අඩු වියදමකින් චාම් ලස්සන වෙඩින්ග් එකක් අරන් ඉතුරු වෙන සල්ලි ටික බැන්කුවක දාලා ඉතාම ලස්සනට ජීවිතේ ඉතුරු ටික ගත කරන්න පුළුවන්. ඒ නිසා හොදට කල්පනා කරලා වෙඩින් එකකට වියදම් කරන සල්ලි වියදම් කරන්න ඕන. 

සැ කසුම- බිමායා ජයතුංග


Spread the love

Comments

  • No comments yet.
  • Add a comment